Sigiri Sukumaliye Song Lyrics - සීගිරි සුකුමාලියේ ගීතයේ පද පෙළ

Sigiri Sukumaliye Song Lyrics - සීගිරි සුකුමාලියේ ගීතයේ පද පෙළ
Song Title : Sigiri Sukumaliye (සීගිරි සුකුමාලියේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
තනුව : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර


සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ

අතකින් මල් දරාලා හසරැලි පාලා
සුසිනිඳු සළු ඔතාලා විලවුන් ගාලා
ගෝමර පෙති විදාලා දිස්නය දීලා
ආදරයෙන් උන් කාලෙ මේ දෑසෙ
සිතුවම් වීලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ

ඔබෙ රුව නැත මැකීලා කල් ගතවීලා
මුලු දෙනෙතින් බලාලා සිත සැනසීලා
ජන කවියන් ගොතාලා කව් පදමාලා
කී විලසින් මං ගයමී රන්වන් ගී
හද සපුරාලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment