Ruk Attana Mala Mudune Song Lyrics - රුක් අත්තන මල මුදුනේ ගීතයේ පද පෙළ

Ruk Attana Mala Mudune Song Lyrics - රුක් අත්තන මල මුදුනේ ගීතයේ පද පෙළ
Song Title : Ruk Attana Mala Mudune (රුක් අත්තන මල මුදුනේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහින්ද අල්ගම
සංගීතය : නන්දා මාලිනී


රුක් අත්තන මල මුදුනේ
ඹමරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...

මුතු පිණි දැල් සැලෙන ඔබේ
උදා දිමුතු හිරු එලියේ..
පුතුසවනට රහස් කියා - පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ

රුක් අත්තන මල මුදුනේ
ඹමරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...//

පතොක් වැටිය උඩින් වැදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ..
පුතුනි බලන් යොමා නුවන් කවුරුද ‍එන්නේ..

රුක් අත්තන මල මුදුනේ
ඹමරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment