Relle Kiri Welle Song Lyrics - රැල්ලේ කිරි වැල්ලේ ගීතයේ පද පෙළ

Relle Kiri Welle Song Lyrics - රැල්ලේ කිරි වැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Relle Kiri Welle (රැල්ලේ කිරි වැල්ලේ)
ගායනය : මොහිදීන් බෙග්, ජී.එස්.බී. රාණී පෙරේරා
සංගීතය : පී. එල්.ඒ. සෝමපාල (හින්දි තනුවක් ඇසුරින්)
ගී පද : කරුණාරත්න අබේසේකර
චිත්‍රපටිය : දෙයියන්නෙ රටේ (1958)


රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී

ප්‍රේම අමා පානේ මුව බේරේවී
ලෝකෙම මා පාමුල මෙන් තේරේවී

මැණිකෙ ලැබුණි මාගේ පෙර පිනකින් වාගේ
ඕළු නෙළුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ
රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී

කියන්න කියන දෙයක් ඇයි ද ඉන්නෙ තාම බලා
නොදන්නවා ද සිහින ලොවෙදිත් මා ප්‍රේම කළා

ගම්මානේ පෙම් සිහිනේ පෙම් සිහිනේ
එළිවෙන්නේ ගම්මානේ
අසරණ කෙල්ලකි මා කුල සිරිතට දෙන්න නැතී
මට දායාද මොටද ඔබේ සිනා රැල්ල ඇතී
දැනගෙන රහස අපේ
කෙකටිය කැකුළු පිපේ
දැනගෙන රහස අපේ
කෙකටිය කැකුළු පිපේ

ඕළු නෙළුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ
රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී

හැම ඇඟ ලේ බිඳුවෙම
සොඳුරිගෙ මල් මුහුණ තිබේ
මිණි මුතු කුඩු වාගේ ඔය පා දුවිල්ල ඔබේ
ගම්මානේ පෙම් සිහිනේ පෙම් සිහිනේ
එළිවෙන්නේ ගම්මානේ....

කපන්න බැහැ බැස යන වතුර පාර දෙගොඩතලා
බිඳින්න බෑ අපගේ ප්‍රේම බැම්ම අකුල් හෙළා
එක හිත ඔබෙයි මගෙයි
අහසයි සඳයි වගෙයි
එක හිත ඔබෙයි මගෙයි
අහසයි සඳයි වගෙයි

ඕළු නෙළුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ
රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment