Pasak Kota Athi Song Lyrics - පසක් කොට ඇති ගීතයේ පද පෙළ

Pasak Kota Athi Song Lyrics - පසක් කොට ඇති ගීතයේ පද පෙළ
Song Title : Pasak Kota Athi (පසක් කොට ඇති)
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් සරත් පෙරේරා


පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

නිසල බෝ මැඬ වෙසෙන අතරෙදි
සසල කෙරුමට අචල හිමි සිත්
නොයෙක් වෙස් පෑ සිතුම් සේනා
එවා ඇත රුදු මාර දෙව් පුතු..

පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

පෙරුම් දම් බලයෙන් මරුන් බිඳ
බවුන් වඩවා බුදුව ලොව්තුරු
සහන් එළියක් ලෙසින් මතුවින
නසා තිලොවෙක අවිදු ගණඳුරු...

පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment