Kawruth Ennathi Kawruth Dannathi Song Lyrics - කවුරුත් එන්නැති කවුරුත් දන්නැති ගීතයේ පද පෙළ

Kawruth Ennathi Kawruth Dannathi Song Lyrics - කවුරුත් එන්නැති කවුරුත් දන්නැති ගීතයේ පද පෙළ
Song Title : Kawruth Ennathi Kawruth Dannathi (කවුරුත් එන්නැති කවුරුත් දන්නැති)
ගායනය : ගුණදාස කපුගේ
තනුව : එච්.එම්. ජයවර්ධන
පද : සමන් අතාවුදහෙට්ටි


කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල්පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

සඳකැන් බොඳවුණු වලා කැදැල්ලේ
තරුකැට අහුරක සිනා මෝදුකර
කඳුලින් ඉපදුනු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

සියොළඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල්පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

හිනැහී වැළපෙමු අපි ආයේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment