Mal Nelala Waralasa Gawasala Song Lyrics - මල් නෙලලා වරලස ගවසාලා ගීතයේ පද පෙළ

Mal Nelala Waralasa Gawasala Song Lyrics - මල් නෙලලා වරලස ගවසාලා ගීතයේ පද පෙළ
Song Title : Mal Nelala Waralasa Gawasala (මල් නෙලලා වරලස ගවසාලා)
ගායනය : ෆීලික්ස් ඇන්ටන්
තනුව : ෆීලික්ස් ඇන්ටන්
පද : ප්‍රේමකීර්ති ද අල්විස්


මල් නෙලලා වරලස ගවසාලා
රන් සේලෙන් සැරසීලා
කාගෙදෝ සුරතේ වෙලීලා
ගියයි කියා මා හැඬුවේ නෑ
ගියයි කියා මා හැඬුවේ නෑ

විකසිත නෙත දස අත දිව යන්නේ
ඇයගෙනි මම මෙය විමසන්නේ
ඇය මටත් පිදූ සිතනේ ඔහු වෙතත් පුදා ඇත්තේ
ඇය මටත් පිදූ සිතනේ ඔහු වෙතත් පුදා ඇත්තේ
එය හැඟුනොත් කවදාහරි
නිසැකයි ඔහු යාවි හැරී

මල් නෙලලා වරලස ගවසාලා
රන් සේලෙන් සැරසිලා
කාගෙදෝ සුරතේ වෙලීලා
ගියයි කියා මා හැඬුවේ නෑ
ගියයි කියා මා හැඬුවේ නෑ

එක නෙලුමද එක විල උපදින්නේ
එක රැල්ලද සයුරෙහි නැගුනේ
ගිලිහුනත් සැඳෑ අඹරේ තව ඉරක් නැගේ උදයේ
ගිලිහුනත් සැඳෑ අඹරේ තව ඉරක් නැගේ උදයේ
සැනසිල්ලෙන් සතුටෙන් පිරී
ලොව කිමදෝ ඉඳිනු බැරි

මල් නෙලලා වරලස ගවසාලා
රන් සේලෙන් සැරසිලා
කාගෙදෝ සුරතේ වෙලීලා
ගියයි කියා මා හැඬුවේ නෑ
ගියයි කියා මා හැඬුවේ නෑ

ගියයි කියා මා හැඬුවේ නෑ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment