Adara Priya Landune Song Lyrics - ආදර ප්‍රිය ළඳුනේ ගීතයේ පද පෙළ

Adara Priya Landune Song Lyrics - ආදර ප්‍රිය ළඳුනේ ගීතයේ පද පෙළ
Song Title : Adara Priya Landune (ආදර ප්‍රිය ළඳුනේ)
ගායනය : ෆීලික්ස් ඇන්ටන්
ගී පද : කැමිලස් පෙරේරා


ආදර ප්‍රිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි //

කෝමල දෑසින් වත කමලේ
සිතුවිලි විහඟුන් අවදි කළේ //
මුව මදහාසේ
සතුට ගෙනාවේ
මටම නොවේදෝ

ආදර ප්‍රිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි //

ආදර රැහැනින් හද බැඳුනේ
පැතු විලසින්දෝ පෙර භවයේ //
යොවුන් වසන්තේ
පවන් සැලෙන්නේ
අපට නොවේදෝ

ආදර ප්‍රිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment