Kawadi Sina Song Lyrics - කවඩි සිනා ගීතයේ පද පෙළ

Kawadi Sina Song Lyrics - කවඩි සිනා ගීතයේ පද පෙළ
Song Title : Kawadi Sina (කවඩි සිනා)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා සහ ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


කවඩි සිනා කොහෙන් ගෙනා
මුතු පවුරෙන් සොරා ගෙනා
කිරි කවඩි සිනා කොහෙන් ගෙනා
මුතු පවුරෙන් සොරා ගෙනා

රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...//

ඉණට සේල කොහෙන් ගෙනා
කසී රටෙන් වියා ගෙනා
ඔබෙ ඉණට සේල කොහෙන් ගෙනා
කසී රටෙන් වියා ගෙනා

රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...//

පයට ගිගිරි  කොහෙන් ගෙනා
විසල් පුරෙන් තිළිණ ගෙනා
ඔය පයට ගිගිරි  කොහෙන් ගෙනා
විසල් පුරෙන් තිළිණ ගෙනා

රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...//

නෙතෙහි කැළුම් කොහෙන් ගෙනා
සඳට හොරා සිසිල ගෙනා
ඔබෙ නෙතෙහි කැළුම් කොහෙන් ගෙනා
සඳට හොරා සිසිල ගෙනා

රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...//

රඟන ඔබේ මුවග සිනා
හදට මගේ තුරුලු වුණා
රඟන වෙසින් මුවට ගෙනා
කුමට මගේ ඔබට සිනා

රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...////.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment