Athagili Badune Ayi Me Wilasin Song Lyrics - අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් ගීතයේ පද පෙළ

Athagili Badune Ayi Me Wilasin Song Lyrics - අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් ගීතයේ පද පෙළ
Song Title : Athagili Badune Ayi Me Wilasin (අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : එච්.එස්. පෙරේරා
තනුව හා සංගීතය : අ'නස්ට් සොයිසා


අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

ඔබ ළඟ ඉන්නට
ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට
නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

සිත සිත ඔබ ගැන
දින දින ළතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි
ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

සිතු පැතු සැම දේ
නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙන තුරු
යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment