Hitha Mage Parala Song Lyrics - හිත මගේ පාරලා ගීතයේ පද පෙළ

Hitha Mage Parala Song Lyrics - හිත මගේ පාරලා ගීතයේ පද පෙළ
Song Title : Hitha Mage Parala (හිත මගේ පාරලා)
ගායනය : රොමේෂ් සුගතපාල
සංගීතය : රොමේෂ් සුගතපාල
ගී පද : සම්පත් ප්‍රනාන්දුපුල්ලේ


හිත මගේ පාරලා
මේ තරම් හඬවලා
ඔහු ළඟ තුරුලේ රෑ පුරා
වැලපෙමි ඉකි ගසා
ආදරේ සිහි වෙලා
විඳවමි රෑ පුරා
මගෙ පණ කොහිදෝ ගියෙ ඔයා
මගෙ හිත පාරලා

යහන තනිවී සුවඳ නැතිවී
මෙයද අපි පැතු ලෝකේ
කඳුල දෝ ඔබ මගේ
නෙතට ගිණි ඇවිලී
ජීවිතේ කිමිදිලා
මේ හැඟුම් ලියවෙලා
දුක තියා ඔබ ගියා
තනිය මට දීලා

හිත මගේ පාරලා
මේ තරම් හඬවලා
ඔහු ළඟ තුරුලේ රෑ පුරා
වැලපෙමි ඉකි ගසා

තුරුලෙ දැවටී කීව පෙම් ගී
මතක නැති වී මාගේ
හිතුමතේ රිදවලා
දුකම මට හිමි වී
ජීවිතේ කිමිදිලා
මේ හැඟුම් ලියවෙලා
දුක තියා ඔබ ගියා
තනිය මට දීලා

හිත මගේ පාරලා
මේ තරම් හඬවලා
ඔහු ළඟ තුරුලේ රෑ පුරා
වැලපෙමි ඉකි ගසා
ආදරේ සිහි වෙලා
විඳවමි රෑ පුරා
මගෙ පණ කොහෙදෝ ගියෙ ඔයා
මගෙ හිත පාරලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment