Hiru Niwena Mal Pipena Song Lyrics - හිරු නිවෙනා මල් පිපෙනා ගීතයේ පද පෙළ

Hiru Niwena Mal Pipena Song Lyrics - හිරු නිවෙනා මල් පිපෙනා ගීතයේ පද පෙළ
Song Title : Hiru Niwena Mal Pipena (හිරු නිවෙනා මල් පිපෙනා)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : නිහාල් ගම්හේවා
පද රචනය : රත්නසිරි කෝට්ටගේ


හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ
කඳු යායේ තුරු සෙවනේ
මල් සුවඳේ ඔබව පෙනේ
හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ

නුඹ වෙන් වූ එම දිනයේ
ඒ වෙනුවෙන් හෙලන සුසුම්
හද කැල්මක තුරුළු වෙලා
ලොවට හොරෙන් හද හැඬවෙයි

හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ
කඳු යායේ තුරු සෙවනේ
මල් සුවඳේ ඔබව පෙනේ
හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ

නුඹේ නමින් ලියනා මෙය
මතු දිනයක ගැයෙනා කල
නුඹ වෙනුවෙන් මල් පීදෙන
අරුණු ලොවක මිහිර දැනේ

හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ
කඳු යායේ තුරු සෙවනේ
මල් සුවඳේ ඔබව පෙනේ
හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment