මේ විදියට බටු උයන්න (Batu Uyanna)

මේ විදියට බටු උයන්න (Batu Uyanna) - Your Choice Way
මේ විදියට බටු උයන්න. කන්න බෑ කියන අයත් කනවා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බටු ගෙඩි 10ක්
  • තුනපහ කුඩු තේ හැදි 4ක්
  • මිරිස් කුඩු තේ හැදි 3ක්
  • කහ කුඩු තේ හැදි 1/2ක්
  • තෙල් බෝතල් 1/4ක්
  • සිහින්ව කපාගත් සුදු ළූණූ බික් 4ක්
  • රතු ළූණූ ගෙඩි 20
  • සිහින්ව කපාගත් රතු ළූණූ ගෙඩි 10ක්
  • අඹරා ගත් තක්කාලි ගෙඩි 1ක්
  • සිහින්ව කපාගත් තක්කාලි ගෙඩි 1ක්
  • කරපිංචා ඉත්තක්
  • රම්පේ කෑල්ලක්
  • සියඹලා ඉස්ම මේස හැදි 1ක්
  • අබ ඇට තේ හැදි 1/2ක්
  • උළුහාල් තේ හැදි 1/4
  • වතුර

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම තුනපහ තේ හැදි 2ක්, මිරිස් කුඩු තේ හැදි 1ක්, කහ, ලුණු, සියඹලා ඉස්ම වතුර ස්වල්පයක් දමා paste එකක් විදිහට හදා ගන්න. 
  2. පසුව බටු ගෙඩි නැට්ට ඉතුරුවන විදියට හතරට පලාගන්න. 
  3. ඒ පලාගත්ත, තැන්වලට කලින් හදාගත්ත paste ඇතුලට කාවද්දන්න. 
  4. බටු ගෙඩි නැටි නැතුව උනත් ගන්න පුලුවන්. ඒත් ඉතිං බට්ටේ රස නැට්ටේ කියනවනෙ.
  5. දැන් බටු ටික තෙල් රත්කරගෙන නොගැඹුරු තෙලේ බැදගන්න. 
  6. ඉන්පසුව තෙලෙන් ඉවත් කරගෙන එම තෙල් වලටම අබ ඇට දමා පුපුරන විට උළුහාල්, කරපිංචා, රම්පේ, සුදු ළූණූ, ළූණූ ගෙඩි, කපාගත් ළූණූ දමා රන්වන් පැහැ වන විට, ඉතිරි වු තුනපහ සහ මිරිස් එකතු කරගන්න. 
  7. විනාඩි 2කින් පමන පසු අඹරාගත් තක්කාලි, කපාගත් තක්කාලි, ලුණු දමා තෙම්පරාදු කරගන්න. 
  8. මද වෙලාවකින් වතුර එකතුකර හොදින් කවලම් කරගන්න. 
  9. ඒ සමගම බටු එකට දමා කවලම් කර පිස ගන්න. වතුර දැමීමේදි සැලකිලිමත් වන්න. මොකද උකුවට තමයි මේක හදාගන්න ඔනි. 
  10. අවසානයේ ඔබ කැමති නම් සීනී තේ හැදි 1/4ක් පමන එකතු කරගන්න.
මේ විදියට බටු උයන්න (Batu Uyanna) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment