Thamath Adarei Man Song Lyrics - තාමත් ආදරෙයි මං ගීතයේ පද පෙළ

Thamath Adarei Man Song Lyrics - තාමත් ආදරෙයි මං ගීතයේ පද පෙළ
Song Title : Thamath Adarei Man (තාමත් ආදරෙයි මං)
Singing : Lavan Abhishek (ලවන් අභිෂේක් මහත්මා) Teledrama : Sangeethe Teledrama [2020] (සංගීතේ ටෙලි නාට්‍ය)


තාමත් ආදරෙයි මං
මරෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද
මගෙ ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසනු බැරිම නිසා

මතකය රිදවයි
ආ ගිය තැන් කියලා
පපුවට බර ඇයි
දුක එතරම් පරණ වෙලා
ඔබ මා හුස්මයි
ආදරේ දියම වෙලා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

නෙතු යට රස්නෙයි
උණුහුම ඇයි රැඳිලා
සුසුමක සුවඳට
උණු කඳුලක් තුරුළු වෙලා
ආයෙමත් ඉන්නම්
හිස උකුලටම තියා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

තාමත් ආදරෙයි මං
මරෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද
මගෙ ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසනු බැරිම නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment