Giniyam Sara Kella Song Lyrics - ගිනියම් සරා කෙල්ල ගීතයේ පද පෙළ

Giniyam Sara Kella Song Lyrics - ගිනියම් සරා කෙල්ල ගීතයේ පද පෙළ
Song Title : Giniyam Sara Kella (ගිනියම් සරා කෙල්ල)
Artist : Pramoth Ganearachchi
Music : Nimesh Kulasinghe
Lyrics : Shehan Galahitiyawa
Teledrama : Sangeethe Teledrama [2020] (සංගීතේ ටෙලි නාට්‍ය)


ගිනියම් සරා කෙල්ල හැඟුමින් කලා මෙල්ල
සරුවත් දියේ පැහැය සිතුවම් වෙලා
උකුසෙක් වගේ බැල්ම දෙනෙතින් කලා එල්ල
හැඟුමින් සදා දෙන්න ඉඟියක් කලා

ඒ ගලනා ආශාව මා දෑස නෑ
කිසිද සීමා වෙලා
ඈ සලලා සේයාව මා ගාව පෑ
අරුමේ නෑ වේදනා

හදවත ගැස්සෙන ආදර චායා
සඳවත සේ සනසාලා
මුදුලැම ඉස්සෙන තාලය තෝරා
ඔබ වැටුනේ මන ආශා

ඉඳුනිල් නුරා කැල්ම සිතුවිලි පුරා ඇල්ම
මැදියම් රැයේ සිහින උණුසුම් කලා
ලං ලං වෙලා ඉන්න හැඟුමන් මවා දෙන්න
මල්සර සිනා රැල්ල මුවඟින් මවා

මේ ගලනා ආශාව මා දෑස නෑ
කිසිද සීමා වෙලා
ඈ සලලා සේයාව මාගාව පෑ
අරුමේ නෑ වේදනා

හදවත ගැස්සෙන ආදර චායා
සඳවත සේ සනසාලා
මුදුලැම ඉස්සෙන තාලය තෝරා
ඔබ වැටුනේ මන ආශා

මේ සිතුවිලි පවසන්නම් සිතුසේ රෑ
සඳකෙමි අතුරන්නම් ….

හදවත ගැස්සෙන ආදර චායා
සඳවත සේ සනසාලා
මුදුලැම ඉස්සෙන තාලය තෝරා
ඔබ වැටුනේ මන ආශා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment