Sithin Sina Sisi Song Lyrics - සිතින් සිනා සිසී ගීතයේ පද පෙළ

Sithin Sina Sisi Song Lyrics - සිතින් සිනා සිසී ගීතයේ පද පෙළ
Song Title : Sithin Sina Sisi (සිතින් සිනා සිසී)
ගායනය : රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : අජන්තා රණසිංහ


සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ

ආදරේ නමින්
දිලෙන පහනේ පහන් සිලේ
දීප්ති බින්දුවයි ඔබ නයනේ
ඒ පහන් වැටේ
එළිය අප හා සිනාසුණා
යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ

රාත්‍රියේ රිදී
පොකුරු තරුවේ ඇඳී තියේ
රත්තරන් රුවින් පෙම් රේඛා
ජීවමාන වේ
සුවඳ හිරිමල් යොවුන් වියේ
පෙමේ සුසුම් පවා සුන්දරයි

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ

පුංචි ආදරේ කතන්දරේ
එන්න යන්න මල් මාවතේ
එන්න යන්න මල් මාවතේ
පුංචි ආදරේ කතන්දරේ



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment