Nohitha Inna Mata Bari Song Lyrics - නොහිතා ඉන්න මට බැරි ගීතයේ පද පෙළ

Nohitha Inna Mata Bari Song Lyrics - නොහිතා ඉන්න මට බැරි ගීතයේ පද පෙළ
Song Title : Nohitha Inna Mata Bari (නොහිතා ඉන්න මට බැරි)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)


පාලු පාරේ මතක අතර
නුඹේ සුවඳ හමනා විට
හිතට දැනෙන වේදනාව කියා ගනු බැරි

ගහකොළ පිරි මාවත දිග
සෙවනැල්ලෙන් වැසුණු තැනක
නුඹ නැති විට තනිවමවත් ඉන්න මට බැරි

වසන්තයෙන් ගිම්හානෙට
ගෙනවිත් තනිකර ගියාට
නුඹත් එක්ක මගේ හිතේ වෛර නම් නැති

ඔබ නොදකින මගේ හිතට
දුන් බර උහුලනු බැරුවට
නුඹ ගැන තාමත් නොහිතා ඉන්න මට බැරි....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment