Nidi Nathi Raa Song Lyrics - නිදි නැති රෑ ගීතයේ පද පෙළ

Nidi Nathi Raa Song Lyrics - නිදි නැති රෑ ගීතයේ පද පෙළ
Song Title : Nidi Nathi Raa (නිදි නැති රෑ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සමග රූකාන්ත ගුණතිලක
පද රචනය : බන්දුල නානායක්කාවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


නිදි  නැති රෑ යාමේ
ගීතය ගැයුණාවේ
මට හිමි යාත්‍රාවේ
ඔබෙ රැය ගෙවුනාවේ

අරුණේ විසුළ වලා අතරේ
මුව දොර පෙනුනාවේ

අහසක් අවුරා කළුවර ආ දා
ඔබෙ නෙත් හිරු මඬළේ
එළිය ගලා ආවා

දහසක් පිටුපා තනිකර ගියදා
ඔබෙ සිත් මල් යහනේ
සඳු ද උදා වූවා

නිදි  නැති රෑ යාමේ
ගීතය ගැයුණාවේ
මට හිමි යාත්‍රාවේ
ඔබෙ රැය ගෙවුනාවේ

අරුණේ විසුළ වලා අතරේ
මුව දොර පෙනුනාවේ

දෙනුවන හඬවා ලොව සැනසුන දා
ඔබගේ උරතලයේ
යහන තනා දුන්නා

දෙසවන් නොවසා ඔබව ඇසූදා
ඔබගේ රන් සරයේ
මිහිර ළඟා වූවා

නිදි  නැති රෑ යාමේ
ගීතය ගැයුණාවේ
මට හිමි යාත්‍රාවේ
ඔබෙ රැය ගෙවුනාවේ

අරුණේ විසුළ වලා අතරේ
මුව දොර පෙනුනාවේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment