Mihimadale Anduru Kuse Song Lyrics - මිහි මඬලේ අඳුරු කුසේ ගීතයේ පද පෙළ

Mihimadale Anduru Kuse Song Lyrics - මිහි මඬලේ අඳුරු කුසේ ගීතයේ පද පෙළ
Song Title : Mihimadale Anduru Kuse (මිහි මඬලේ අඳුරු කුසේ)
Singing : Nanda Malani (විශාරද නන්දා මාලනි මහත්මිය)
පද රචනය : ඩබ්ලිව් ඒ. අබේසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස


මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා..
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ
ඵල සම්පත අම්මා…

සිය දහසක් නෙක ලෝදා
එළිය කරන අම්මා..
සොලොස් කලා පිරි පුරහඳ
එළිය කරන අම්මා…

මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා..
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ
ඵල සම්පත අම්මා…

සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා…
උදා ගිරෙන් ලොවට වඩින..
ලහිරු මඬල අම්මා…

මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා..
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ
ඵල සම්පත අම්මා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment