Sitha Mage Riduna Oba Hara Giyada Song Lyrics - සිත මගේ රිදුනා ඔබ හැර ගියදා ගීතයේ පද පෙළ

Sitha Mage Riduna Oba Hara Giyada Song Lyrics - සිත මගේ රිදුනා ඔබ හැර ගියදා ගීතයේ පද පෙළ
Song Title : Sitha Mage Riduna Oba Hara Giyada (සිත මගේ රිදුනා ඔබ හැර ගියදා)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)


සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
මා තනිකර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොඳවී ගිහින් මේ සිත බිඳී
ඇයි හැර ගියේ මගෙ ආදරේ

ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යලි එයි සිතිලා
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
මා තනිකර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා

ඔබේ සිතුම් ඔබෙ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා ආදරේ බිඳ දමා
ඔබේ සිතුම් ඔබෙ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා ආදරේ බිඳ දමා

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා

මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
ලඟින් මගේ සිතින් බැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ ඔබට මා ආදරෙයි
මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
ලඟින් මගේ සිතින් බැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ ඔබට මා ආදරෙයි

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
මා තනිකර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment