Aduru Mandaramin Wahila Song Lyrics - අඳුරු මන්දාරමින් වැහිලා ගීතයේ පද පෙළ

Aduru Mandaramin Wahila Song Lyrics - අඳුරු මන්දාරමින් වැහිලා ගීතයේ පද පෙළ
Song Title : Aduru Mandaramin Wahila (අඳුරු මන්දාරමින් වැහිලා)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)


අඳුරු මන්දාරමින් වැහිලා
ගෙවී ගිය කාලය පුරා
අදුරු සෙවනැලි මතක සැමදා
සුසුම් සුළඟට මුසු කලා

ඈත මතකෙක ගෙවී ගිය
සුන්දර මතක පිටු නැගිටලා
කලා සුන්දර ඔච්චමක් මට
සිතා ගන්නට බැරි ලෙසා

උනා දුක් වූ මතක අමතක 
හිරු දුටුව ඒ පිනි ලෙසා
සතුටු සිතකින් නැගිට පියවර
තබන්නේ මින් මතුවටා

දෑත පටලා යනෙන මග තුල
ඔබම විය මට වාසනා සැමදින
කිසිම දිනකදි වෙන් නොවී
සතුටින් හිදිමු දුක් කඳුළු විදගෙන

සසර මතුවට තබන පියවර
එකක් ගානේ ලබා ගන්නට
හැකිවෙලා මුලු සසර කතරේ
එකතු වෙන්නට පතමු මේ ලෙස

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment