Sudu Ath Powwek Sudu Piyuma Song Lyrics - සුදු ඇත් පොව්වෙක් සුදු පියුම ගීතයේ පද පෙළ

Sudu Ath Powwek Sudu Piyuma Song Lyrics - සුදු ඇත් පොව්වෙක් සුදු පියුම ගීතයේ පද පෙළ
Song Title : Sudu Ath Powwek Sudu Piyuma (සුදු ඇත් පොව්වෙක් සුදු පියුම)
Singing : Nirosha Virajini (නිරෝෂා විරාජිනි මහත්මිය)

සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන
පැදකුණු නොකලත් සිරි යහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
මට රජ පැටියෙක්

හන්කිති කවමින් කුස තුල සක්මන් කරනා
නුඹ දඟයෙකු වේදැයි නිකමට මෙන් මට සිතෙනා
පැටියෝ......නුඹ දුවක උනත් මට පුතෙකු උනත් 
නුඹ හිස පලඳන්නේ වෙනසක් නැති එකආදරයයි....

කුස තුල දැරුවැයි මතු බුදුවන පැතුමන් නෑ
ලේ කිරි කර පෙව්වයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ......නුඹ දුවක උනත් මට පුතෙකු උනත් උනත් 
මා නුඹට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි...
ජීවිතයයි... ජීවිතයයි...

සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන
පැදකුණු නොකලත් සිරි යහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
මට රජ පැටියෙක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment