Selfi Pinthuwayak Song Lyrics - සෙල්ෆි පින්තූරයක් ගීතයේ පද පෙළ

Selfi Pinthuwayak Song Lyrics - සෙල්ෆි පින්තූරයක් ගීතයේ පද පෙළ
Song Title : Selfi Pinthuwayak (සෙල්ෆි පින්තූරයක්)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

කොලඹ රටට පෙරේදා ගිය වෙලාවේ
සැනකෙලියකි එහි රෑ වූ වෙලාවේ
මුහුද දෙසින් එන මද නල ලතාවේ
පාවී ගියා මගේ දෑසත් හුදෙකලාවේ

කලිසම් කෝට් හැදගෙන යන මිනිස්සු 
එහෙ මෙහේ වේගයෙන් දුවනා මිනිස්සු
පෝන් කනේ ගහගෙන යන මිනිස්සු
හරි කලබලෙන් එහෙ මෙහෙ යයි මිනිස්සු

කුතුහලයකි මගේ සිතේ ඇති වූයේ
පෝන් අහස වෙත උස්සා හිනා උනේ
පොටෝ එකක් ගන්නට බව සිහි වූයේ
පෝන් දැකලා නැති යහලුවො සිහි වූයේ

දුප්පත් ගමේ දුප්පත් මගේ මිතුරු කැල
කිසිදා පෝන් දැකලා නැති මිතුරු කැල
මතක් වෙලා දුක හිතුනා මිතුරු කැල
කෙලෙසක පොටෝ ගන්නද මගෙ මිතුරු කැල

පෝන් එකක් නැති වූවත් අප සැමට 
කදිම අදහසකි ආවේ අප සැමට
පින්තූරයක් ගන්නට මේ අප සැමට
නැත වෙන විදියකුත් මේ අප සැමට

ගලවලා  සෙරෙප්පුව ගත්තේ පිට පෙරලා
ඇගිලි අතර සිර කොට ගෙන තබාලා
පෙලට සිටන් මුව හසරැලි නගාලා
පින්තූරයක් ගත්තේ යැයි සිතාලා..

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment