Ruwan Nidana Helabimai Song Lyrics - රුවන් නිදන හෙළබිම යි ගීතයේ පද පෙළ

Ruwan Nidana Helabimai Song Lyrics - රුවන් නිදන හෙළබිම යි ගීතයේ පද පෙළ
Song Title : Ruwan Nidana Helabimai (රුවන් නිදන හෙළබිම යි)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

රුවන් නිදන හෙළබිම යි
නුවන් හදන හෙළබිම යි..
නිවන් පුදන හෙළබිම යි..
ලොව හෙලිකල
හෙළබිම යි..

මගේ රුවන හෙළබිම යි..
මගේ නුවන හෙළබිම යි...
මගේ නිවන හෙළබිම යි...

මිහිරෙන් පිරි හෙළබිම යි..
රුහිරින් දැරි හෙළබිම යි..
ඉසුරින් සරි හෙළබිම යි..
ලොව බල පෑ හෙළබිම යි..

මගේ මිහිර හෙළබිම යි..
මගේ රුහිර හෙළබිම යි..
මගේ ඉසුර හෙළබිම යි..

විරුවන් ලත් හෙළබිම යි..
පඬිදුන් පත් හෙළබිම යි..
දුටුවන් මත් හෙළබිම යි..
ලොව හෙබැවූ හෙළබිම යි..

මගේ තිදස හෙළබිම යි..
මගේ සිරස හෙළබිම යි..
මගේ නිවස හෙළබිම යි...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment