Miyuru Kalpana Nethaka Dalwuna Song Lyrics - මියුරු කල්පනා නෙතක දැල්වුනා ගීතයේ පද පෙළ

Miyuru Kalpana Nethaka Dalwuna Song Lyrics - මියුරු කල්පනා නෙතක දැල්වුනා ගීතයේ පද පෙළ
Song Title : Miyuru Kalpana Nethaka Dalwuna (මියුරු කල්පනා නෙතක දැල්වුනා)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : සරත් දසනායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්

මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්
මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා

පිණි බිඳකින් මුතු අමුනමි
දිනිසුරුගෙන් සීතල දෙමි
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්

මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment