Pembara Kumarana Song Lyrics - පෙම්බර කුමරාන ගීතයේ පද පෙළ

Pembara Kumarana Song Lyrics - පෙම්බර කුමරාන ගීතයේ පද පෙළ
Song Title : Pembara Kumarana (පෙම්බර කුමරාන)
Singing : Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය)

පෙම්බර කුමරාන 
නුඹ නැති සඳපාන //
මා රිදවයි සිත තනිවෙයි 
වත මැලවේවී

කල්පය ගත වේවි පෙම් සිල වියැකේවී //
යෞවනයට රොන් පූදින පිනිමල් වැස්සේ
සංකාවට කවුළු හරින සුසුමද පවනේ
ගත දැවටෙන්නේ සිත බිය වෙන්නේ

පෙම්බර කුමරාන 
නුඹ නැති සඳපාන //
මා රිදවයි සිත තනිවෙයි 
වත මැලවේවී

ගං දිය නොසැලේවී කෙවිලිය නොගයාවී //
තුන් හිත ළඟ මන්දාරම් අඳුර ගලන්නේ
රෑ සඳ දිය කැකුළු හදින් කොහොමද ඉන්නේ
ඔබ නැති යාමේ රෑ තනි යාමේ

පෙම්බර කුමරාන 
නුඹ නැති සඳපාන //
මා රිදවයි සිත තනිවෙයි 
වත මැලවේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment