Oruwaka Pawena Re Gana Adure Song Lyrics - ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ ගීතයේ පද පෙළ

Oruwaka Pawena Re Gana Adure Song Lyrics - ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ ගීතයේ පද පෙළ
Song Title : Oruwaka Pawena Re Gana Adure (ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය : මොහොමඩ් සාලි
ගී පද : කරුණාරත්න අබේසේකර

ඔරුවක පාවෙන - රෑ ඝණ අඳුරේ..
තොටියෙකි මා මේ - සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ...

පායා එන්න සඳේ මට දී ආලෝකේ
පාළු වෙලා මගේ ලෝකේ..ඕ ඇයි...
පාළු වෙලා මගේ ලෝකේ..
තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
පාළු වෙලා මගේ ලෝකේ..ඕ ඇයි
පාළු වෙලා මගේ ලෝකේ...

ඇති තනිය මකා දී - ඇගෙ ඇසුර ලබා දී
සනසන්න හිතේ දුක පහ කරලා...

ඔරුවක පාවෙන - රෑ ඝණ අඳුරේ..
තොටියෙකි මා මේ - සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ...

මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
කවුද කියා නැත දන්නේ..හෝ කොයි...
කවුද කියා නැත දන්නේ
ජීවේ අඩුව මකා පුරවා සනහන්නේ
කවුද කියා නැත දන්නේ..හෝ කොයි...
කවුද කියා නැත දන්නේ

බත රසට උයාලා - කොළ පතට බෙදාලා..
ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා..

ඔරුවක පාවෙන - රෑ ඝණ අඳුරේ..
තොටියෙකි මා මේ - සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ...




👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment