Lassanai Song Lyrics - ලස්සනයි ගීතයේ පද පෙළ

Lassanai Song Lyrics - ලස්සනයි ගීතයේ පද පෙළ
Artist: Stephanie Sansoni
Written & Composed by: Sankha B
Music: Ken Lappen

සුදු මල් කැකුලක් සඳු පරදා
හිරු සමගින් උදයම පායා
ඔබ දිහා බලා මා හට ඉඟි කලා
කුලුදුල් හැඟුමන් සිත පරදා
රහසේ දෙතොලින් මුමුනා

ලස්සනයි බලන්න ලස්සනයි
දකින්න ලස්සනයි අහන්න ආසයි
ආදරේ ඔයාට ආදරේ
කුනාටු සාගරේ තරම් විශාලයි

සුර අඟනුන් ඔබේ රූ දැකලා
මන ලොල් හැඟුමින් ගී ගයලා
සුර සුසුම් හෙලා මා හට ඉඟි කලා
සිහිවන විට ඔබ දුටු මොහොතේ
ගිගුරුම්, දෙයි මගෙ, ආදරේ

ලස්සනයි බලන්න ලස්සනයි
දකින්න ලස්සනයි අහන්න ආසයි
ආදරේ ඔයාට ආදරේ
කුනාටු සාගරේ තරම් විශාලයි

මා දෑතින් ඔබේ අත අල්ලා
හැඟුමන් ගඟුලේ නැහැවීලා
ඔබ මගේ වෙලා මා අද ඔබේ වෙලා

ලස්සනයි බලන්න ලස්සනයි
දකින්න ලස්සනයි අහන්න ආසයි
ආදරේ ඔයාට ආදරේ
කුනාටු සාගරේ තරම් විශාලයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment