Bindunu Pem Hada Song Lyrics - බිඳුනු පෙම් හද ගීතයේ පද පෙළ

Bindunu Pem Hada Song Lyrics - බිඳුනු පෙම් හද  ගීතයේ පද පෙළ
Song Title : Bindunu Pem Hada (බිඳුනු පෙම් හද)
ගයනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
පද : වසන්ත බණ්ඩාර දිසානායක

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලවෙක නුඹට පෙම් බැන්දා

සරාගික වු නෙතින් ගිලිහේ
ජීවිතෙන් පිදු ආදරේ //
නිමා වූ සිහිවටන පමණකි
දෙනෙත් දෑලේ ඉදිවුනේ

කඳුළ නුඹ පිපුණා
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලවෙක නුඹට පෙම් බැන්දා

ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ //
දිනෙකඇය මා අමුත්තන් සේ
යලිත් හමුවේවී

කඳුළ නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ ඔබ මා
කඳුළ නුඹ නාඩන්

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලවෙක නුඹට පෙම් බැන්දා

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment