Diya Kiduriya Se Sagare Song Lyrics - දිය කිඳුරිය සේ සාගරේ ගීතයේ පද පෙළ

Diya Kiduriya Se Sagare Song Lyrics - දිය කිඳුරිය සේ සාගරේ ගීතයේ පද පෙළ
Song Title : Diya Kiduriya Se Sagare (දිය කිඳුරිය සේ සාගරේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද රචනය : උපාලි ධනවලවිතාන
සංගීතය : සරත් ද අල්විස්
චිත්‍රපටය : “ඔබටයි ප්‍රියේ ආදරේ“ 1987

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ - ආල සිතුවම්
රුවන් රූ පිලිරූ මැවේ
කිව මැන ඔබ කව්දෝ ලදේ...//

දේහ ලතාවේ රූසිරු වරුනේ
නොදැනී මේ නෙත යාවෙලා..
දිගුනිල් වරලේ නිළුපුල් නයනේ
සැගවේවා අද පාවෙලා..
මිනිදැල් පරදා හසකැන් නැගුනා
පෙම් ඇරයුම් ගෙන ආ නිසා..
මනසේ ඇදුනා‍ දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා..
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබවේ
උපදින සසරේ වාසනා...

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ - ආල සිතුවම්
රුවන් රූ පිලිරූ මැවේ
කිව මැන ඔබ කව්දෝ ලදේ...//

දෙදෙනා හමුවී පෙරදා සසරේ
උන්නා සේ මට ලංවෙලා..
සුපුරුදු සුවඳයි ඔබ ලඟ රැදුනේ
කව්රුන්දෝ මේ රූපිකා..
හිරුදැක දිලෙනා පිණි මල වාගේ
ඔබ ඇසුරෙන් වෙන්වී නොයා..
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා..
තනිවෙමු ඔබ මා මේ සැණකෙලියේ
ඔබ‍ටයි මේ පෙම් ගීතිකා...

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ - ආල සිතුවම්
රුවන් රූ පිලිරූ මැවේ
කිව මැන ඔබ කව්දෝ ලදේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment