Chandrame Raa Paya Awa Song Lyrics - චන්ද්‍රා මේ රෑ පායා ආවා ගීතයේ පද පෙළ

Chandrame Raa Paya Awa Song Lyrics - චන්ද්‍රා මේ රෑ පායා ආවා ගීතයේ පද පෙළ
Song Title : Chandrame Raa Paya Awa (චන්ද්‍රා මේ රෑ පායා ආවා)
Singing : H.R. Jothipala (එච්.ආර්. ජෝතිපාල මහත්මා)

චන්ද්‍රා මේ රෑ පායා ආවා
හෘදේ පෙමින්‌ නාව නාවා
මේ ආදරේ වාසනාවන්‌
දුක්‌ වේදනාවන්‌ නිවේවා //

ඔබගේ සිනාවෙන්‌ මුලා වී
මේ රෑ පවා මල්‌ පිපේවී
රන්‌ තාරකාවෝ සිනාසී
ප්‍රේමේ අමා ගී ගයාවී
ආසාව ආවාද මෝරා
හැමදාම ඔබ මාගෙ වේවා

චන්ද්‍රා මේ රෑ පායා ආවා
හෘදේ පෙමින්‌ නාව නාවා
මේ ආදරේ වාසනාවන්‌
දුක්‌ වේදනාවන්‌ නිවේවා //

සතුටයි සැපයි ඔබය මාගේ
ඔබ පෙම්වති පෙම්වතාගේ
සතුටයි සැපයි ඔබය මාගේ
ඔබ පෙම්වති පෙම්වතාගේ
අරගන්න ඔබෙ දෑත හුරතල්‌
ෛදවේ මගේ පිහිට වේවා

චන්ද්‍රා මේ රෑ පායා ආවා
හෘදේ පෙමින්‌ නාව නාවා
මේ ආදරේ වාසනාවන්‌
දුක්‌ වේදනාවන්‌ නිවේවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment