Ahasayi Oba Mata Song Lyrics - අහසයි නුඹ මට ගීතයේ පද පෙළ

Ahasayi Oba Mata Song Lyrics - අහසයි නුඹ මට ගීතයේ පද පෙළ
Song Title : Ahasayi Oba Mata (අහසයි නුඹ මට)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

අහසයි නුඹ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමං බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි //

ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
අසිනි හඬින් නෑ කඳු බිම සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැලඹුන දා කඳු බිම හැකිලෙනවා

අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි

අහසයි නුඹ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමං බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි //

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment