Kandulu Binduwak Song Lyrics - කඳුළු බිඳුවක් ගීතයේ පද පෙළ

Kandulu Binduwak Song Lyrics - කඳුළු බිඳුවක් ගීතයේ පද පෙළ
Song Title : Kandulu Binduwak (කඳුළු බිඳුවක්)
Singing : Ruwan Hettiarachchi (රුවන් හෙට්ටිආරච්චි මහත්මා)
Lyrics : Prasangi Wijewardhana (ප්‍රසංගි විජේවර්ධන)
Music : Radish Wandabona (රදිෂ් වැන්දබෝනා)

කඳුළු බිඳුවක් නෙතු අඟින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැඳුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා

සිහින ගිළිහී දෙපා මුල වැටුණා
ඔයා නොකියම දුර ගිහින් තිබුණා
බිඳී මිය ගිය පැතුම් අභියස
දරන්නට බැරි තරම් දුක හිතුණා
තරම් දුක හිතුණා

කඳුළු බිඳුවක් නෙතු අඟින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැඳුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා

සුවඳ අහිමියි කියා හිත හැඬුවා
ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා
බිඳී මිය ගිය පැතුම් අභියස
ආදරේ නැති අඩුව මට දැනුණා
තනිකමක් දැනුණා

කඳුළු බිඳුවක් නෙතු අඟින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැඳුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment