බිත්තර කට්ලට් (Egg Cutlet)

බිත්තර කට්ලට් (Egg Cutlet) - Your Choice Way
අද අපි කියලා දෙන්න යන්නේ බිත්තර කට්ලට් හදන විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තම්බාගත් බිත්තර 5
  • තම්බාගත් අල ගෙඩි 2
  • තම්බාගත් මස් ග්‍රෑම් 100
  • චොප්කරගත් ළූණු
  • චොප්කරගත් අමුමිරිස්
  • ලුණු
  • ගම්මිරිස්කුඩු
  • පාන් කුඩු ග්‍රෑම් 100
බැටර් එක සඳහා:
  • පාන්පිටි ග්‍රැම් 100
  • ලුණු
  • වතුර

සාදන ආකාරය:

  1. අල හා මස් හොඳට පොඩි කර කලවම් කරගන්න. මේකට ලුණු, ගම්මිරිස්කුඩු, ළූණු, අමුමිරිස් එකතු කරගෙන අනාගන්න.
  2. දැන් බිත්තරයක් දෙකට කපා එක් පළුව බැඟින් තියලා ඉතුරු පළුව සඳහා අල සහ මස් මිශ්‍රණය තියලා අතින් බිත්තරේ හැඩය​ට සකස් කරගන්න.
  3. පාන්පිටි වලට ලුණු ටිකක් දාල ඝණ බැටර් එකක් එන්න බ්ලෙන්ඩ් කරගන්න.
  4. හදාගත්ත කට්ලට්ස් බැටර් එකේ දාලා පාන් කුඩු වල තවරලා  ගැඹුරු තෙලේ බැදගන්න.
බිත්තර කට්ලට් (Egg Cutlet)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment