අනුලා රැජින දාම ඝාතක කතක්ද...? 😱😳

අනුලා රැජින දාම ඝාතක කතක්ද...? 😱😳 - Your Choice Way
අනුලා දේවිය අපි හදුන්වන්නෙ ලංකා ඉතිහාසයෙ කාම ධේනුවක් විදිහට. අනුලා කියන චරිතේ අපිට මුලින්ම මුණ ගැහෙන්නේ වළගම්බා රජ්ජුරුවන්ගේ බාලපුතා චෝරනාගගේ බිසව විදිහට. 

මේ චෝරනාගව වංශකතාවල හඳුන්වන්නේ රාජකීය උරුමයක් තිබ්බත් වෙහෙර විහාර පවා කොල්ලකාපු හොරෙක් විදිහට. ඒ නිසා අපිට හිතාගන්න පුළුවන් චෝරනාගගේ ආසාවන් කොහොම වෙන්න ඇතිද කියලා. අනුලා චෝරනාගට වස දීලා චෝරනාගගේ නෑයෙක් වුණු කුඩා චූලික තිස්සව රජ කමට පත් කරගෙන ඔහුටත් බිසව වෙනවා. අවුරුදු තුනක් විතර යද්දි තිස්සව එපා වෙන අනුලා, ශිව කියලා කෙනෙක්ට ඇදෙනවා. ප්‍රතිඵලය තිස්ස ආහාර විස වෙලා මැරෙන එක. 

ශිව රජ වෙනවා. අවුරුද්දක් වගේ යද්දි වටුක කියලා වඩු කාර්මිකයෙක්ගේ වැඩවලට අනුලාට කැමැත්තක් ඇති වෙනවා. ශිව මළවුන් අතරට යද්දි වටුක සිංහාසනේ වාඩිවෙනවා. මාස 14ක් යද්දි අනුලාගේ ඇස් යොමු වෙන්නේ මාළිගාවට දර ගෙනාපු දාරුකැටියාතිස්සට, දර පලන එක වගේ හොඳට රජකම කරගන්න බැරිවුණ නිසාමද මන්දා දාරුකැටියාතිස්සටත් හම්බ වෙන්නේ මාස 13ක්. ඊට පස්සේ නීලීය කියන බ්‍රාහ්මණයගේ පහසට අනුලා යොමු වෙනවා. අවසානයේදි අනුලා අමුතුම පියවරක් ගන්නවා. 

ඒ තමයි නීලියව මරලා තමන්ම රජ වෙන එක. මේක ලංකා ඉතිහාසයේ වගේම කලාපීය ඉතිහාසයෙත් සුවිශේෂී අවස්ථාවක්. ඒත් අනුලාට රජ කරන්න ලැබෙන්නේ මාස 4යි. කුඩා චූලික තිස්සගේ සහෝදරයෙක් වුණු කූටිකණ්ණ තිස්ස කුමාරයා අනුලා හිටපු මාළිගාව වට කරලා, මාළිගාවට ගිනි තියලා අනුලා කාම ගින්නෙන් දැවි දැවී හිටපු මාළිගාවම ඇගේ චිතකය කරනවා. 

අනුලා චරිතය පදනම් කරගෙන නවකතාත් ලියවිලා තියෙනවා. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේගේ “එපුර රැජයූ ඇය” සහ මොහාන් රාජ් මඩවලගේ “රැජන” ඇය ගැන ලියවුණු ප්‍රසිද්ධම නවකතා දෙකක්.

ඉතිම් මැය දාම ඝාතකයන්ගෙ 1600 අවුරුද්ද කාලයෙ ලිස්ට් වල තුන්වන තැනට ඉන්නෙ .එ wikipedia වලින් සකසා තිබෙන ලැයිස්තුවෙ. එ චායාරූපයක් පහතින් අමුණා ඇත.ඔබගෙ අදහස මොකක්ද ....?

මැය දාම ඝාතිකාවක්ද...?

(උපුටාගැනිමකදී මුල් අයිතිය සුරකින්න )
දිලා❤️ 👌
අනුලා රැජින දාම ඝාතක කතක්ද...? 😱😳 - Your Choice Way
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment