කබරෙකුගේ හැඩයෙන් යුත් - කබරගල ⛰🍃🍂 (Kabaragala)

අද අපි කතා කරන්න යන්නේ කදු නගින්නන් අතර ප්‍රචලිත කන්දක් ගැන ඒ නමින් කබරගලයී..

මේ කන්ද තියෙන්නෙ මහනුවර දිස්ත්‍රික්කෙ නාවලපිටියේ... මුහුදු මට්ටමෙ ඉදන් 1506m උසකින් තමා මේ කන්ද තියෙන්නේ..

කබරගල කියන්නේ දොලොස්බාගේ කදු පන්තියේ තියෙන උසම කන්ද.මේ කන්දට කබරගල කියන්නේ ඇයි දන්නවද?

පෙනුම අනුව කට ඇරං ඉන්න කබරයෙක් ගේ හරස්කඩක්වගේ තමා පේන්නේ ඒ නිසා තමා මේ නම වැටිලා තියෙන්නේ...

කබරගල නගිනවා කියන්නේ පහසු කාරනාවක් නම් නෙමේ පසෙකින් මහා කටු පදුරු.. ඒ අසසේ තද ආනතිය. ඒ වගේම පදුරු වලට සැගවිලා තියෙනවා ප්‍රපාත වගේ බෑවුම්. 

ෆයිනස් කැලෑවක් තේවතු යායවල් පසු කරගන තමා මේ ගමන යන්නේ..ඔක්කොමත් හරි වැහිකාලේ ගියොත් නම් කූඩැල්ලෝ. ඉහලට නැග්ගාට හරියටම පාරක් සොයාගන්න අපහසුයි.. 

කොහොමහරි අපහසුවෙන් උඩට නැග්ගම අංශක 360කම වපසරියක් බලාගන්න පුලුවන්..මිනිස්සු ගැවසෙන ඉසව්වක් නොවෙන නිසා හරියට දැනගෙනම යන්න ගම්මුත් හරියට කන්ද නගින පාර දන්නෙත් නෑ..

මුදුනට යන්න අඩි පාරවල් තිබ්බට සමහර තැන් දැන් ගොඩ වෙලා හොයාගන්නත් නෑ... ගමනේ සුන්දරම තැන තමා කදු මුදුණ කෙරවල ඒ කියන්නේ කබරයාගේ හිස උඩ...

දරුණු සත්තුත් මේ ප්‍රදේශයේ ගැවසෙන බවට නම් සාක්ෂි තියෙනවා.. කෝකටත් පරිස්සමින් දැනගෙන යන එක හොදයි..වැඩිය උස කන්දක් නෙමේ නිසා ඉක්මනින් ‍නගින්න පුලුවන්.  

එහෙනම් පරිස්සමින් ගිහින් පරිසරය විනාශ නොකර එන්න. 

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
කබරෙකුගේ හැඩයෙන් යුත් -  කබරගල ⛰🍃🍂 (Kabaragala) - Your Choice Way

උපුටා ගැනීමකි....

0 comments:

Post a Comment