ඔබ වහාම අත් හැරිය යුතු මාරක පුරුද්දක් !!! (A Deadly Habit You Should Give Up Immediately !!!)

ඔබ වහාම අත් හැරිය යුතු මාරක පුරුද්දක් !!! (A Deadly Habit You Should Give Up Immediately !!!) - Your Choice Way
විනාඩීයක් වැය වෙයී 🥺 දැක්කෙ නැ වගේ යන්න එපා...ඔයට ගොඩක් වැදගත්....අනිවරෙන් කියවල යන්න.....🤘.

ඔබත්  Cotton buds භාවිතා කරමින් කන් සුද්ධ කිරීමට පුරුදුව සිටිනවාද?

ආසන්න දිනක ක්ලාන්ත වීමක් නිසා රෝහල්ගත කළ 31 හැවිරිදි නීරෝගී පුද්ගලයෙකු රෝහලට පැමිණි  අවස්තාවේ රෝග නිර්ණය වෛද්‍යවරුන්ට ඉතා අපහසු විය.

පසුව රෝගියා කියා සිටියේ ඔහුට දින කිහිපයක සිට හිසරදයක් පැවති බවත් ඒ කාලය තුළදී  ලඟම හිතවතුන්ගේ පවා නම් අමතකවූ බවත් අවුරුදු 5ක් පුරාවට වරින් වර කනේ වේදනාවක් සහ ශ්‍රවණ අපහසුතාවක් ඇතිවූ බවත්‍ය.

අවසානයේ  රෝගියා සී ටී ස්කෑනර් යන්ත්‍රයට යොමු කළ පසු දැකගත හැකි වූයේ මොළය වටා ඇති පටකය පුරා පැතිරුනු සැරව පිරුණු සැරව ගෙඩියකි.ඒ අනුව රෝගය පිටුපස සිටි භයානක හස්තය සොයාගැනීමට වෛද්‍යවරු සමත් විය. Pseudomonas aeruginosa     නම් රුදුරු රෝගකාරක  බැක්ටීරියාව ඒ සඳහා වහකිවයුතු බව ඔවුන් අවසානයේ නිගමනය කලහ.

නමුත් ප්‍රශ්නය එතනින් අවසන් නැත මෙම මාරාන්තික බැක්ටීරියාව සජීවී හිස්කබලක් තුලට ආසාදනය වූයේ කෙසේද??

පසුව රෝගියාගේ  ශ්‍රවන මාර්ගය සෝදිසි කිරීමෙන් අනතුරුව  කලින් භාවිතා කල Cotton bud කැබැල්ලක් සිරවී  ඇති බව සොයාගන්නා ලදී..බැක්ටීරියාව වර්ධනය වී ඇත්තේ ඒ මතයි.

මෙවැනි ආගන්තුක ද්‍රව්‍ය කන තුලට දැමීමෙන්  කන් බෙරය සිදුරු වීම මොලෙහි ආසාදන සහ විවිධ ආසාදන ඇතිවන බව සොයාගෙන ඇතත් විස්තර සහිතව පලවූ එකම සිද්දිය මෙය වන අතර ඔබත් මෙය පුරුද්දක් වශයෙන් සිදුකරන අයෙක් නම් වහාම එය නවත්වා අනෙක් අයත් දැනුවත් කිරීමට පසුබට නොවන්න...

සෙයාර් කරන්න අනිවාර්යයෙන් ....

උපුටා ගැනීම  BMJ Case Reports.
👇👇👇අපගේ android app එක👇👇👇
අපගේ android app එක


උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment