චිත්‍රපටියෙන් නම ලැබූ - කළු දිය පොකුණ 🎦🌱🍃🎋 (Kalu Diya Pokuna)

චිත්‍රපටියෙන් නම ලැබූ - කළු දිය පොකුණ 🎦🌱🍃🎋 (Kalu Diya Pokuna)
අද අපේ කතාව තවත් සුවිශේෂි තැනක්.ඒ නමින් කළුදිය පොකුණ.ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පිටිගල ප්‍රදේශයේ තියෙන අපූරු ස්ථානයක් තමා මෙතන.

ටිකක් විතර කැ‍ලෑ පාරක ගිහින් තමා මෙතනය යන්න තියෙන්නේ.මෙතනට මේ නම ලැබිලා තියෙන්නේ ඉතිහාස කතාවක් නිසා නෙමේ.

කළුදිය පොකුණ කියන නම මෙතැනට ලැබිල තියෙන්නේ ඒ නමින් මෙතැන ටෙලි නාට්‍යයක රූගත කිරීම් කලාට පස්සේ කියලයි කියන්නේ.

මෙහි සත්‍යතාව ගැන නම් දන්නේ නෑ.මෙලෙස ස්වභාවිකව සෑදුණු පොකුණ එක් අන්තයක ඉතාමත් ගැඹුරු ආකාරයක් තමා තියෙන්නේ. 

ඒ වගේම අපූරු පොකුණ හා දොල පාර නිසා මෙතන තවත් ලස්සන කරනවා.පුංචි දිය පාරවල් හත අටක් එකතුවෙලා මනරම් විදිහට ගලා බහින මේ දොල අන්තිමට කෙලවර වෙන්නේ බෙන්තර ග‍ඟෙන්.

මේ තමයි බෙන්තර ගඟේ ආරම්භක ස්ථාන වලින් එකක් කිව්වොත් නිවැරදී.මේ තැන බලන්න එන්න විනෝද වෙන්න.. හැබැයි අපි ආයේ ආයෙත් කියන්නේ මේ තැන් විනාස කරන්න නම් එපා.

ගමේ මිනිස්සු නම් සංචාරකයෝ මෙතනට එනවට වැඩි කැමැත්තක් නෑ වගේ.. මොකද ඉතින් එන මිනිස්සු යන්නේ පරිසරය විනාස කරලනේ.පරිසරය රකින්න බැරිනම් ගෙදර ඉන්න.

මෙතනට යන්නේ මෙහෙමයි.පිටිගල ඉඳන් මාපලගම පාරේ ටික දුරක් ආවම ගොඩඅමුණ පාරට හැරෙන්න ඕන. එතැනින් බංගමුකන්ද කියන ගමට ගියානම් මේ කියන තැනට යන්න පුළුවන්...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
චිත්‍රපටියෙන් නම ලැබූ - කළු දිය පොකුණ 🎦🌱🍃🎋 (Kalu Diya Pokuna)

චිත්‍රපටියෙන් නම ලැබූ - කළු දිය පොකුණ 🎦🌱🍃🎋 (Kalu Diya Pokuna)

චිත්‍රපටියෙන් නම ලැබූ - කළු දිය පොකුණ 🎦🌱🍃🎋 (Kalu Diya Pokuna)

චිත්‍රපටියෙන් නම ලැබූ - කළු දිය පොකුණ 🎦🌱🍃🎋 (Kalu Diya Pokuna)

චිත්‍රපටියෙන් නම ලැබූ - කළු දිය පොකුණ 🎦🌱🍃🎋 (Kalu Diya Pokuna)

උපුටා ගැනීමකි....

0 comments:

Post a Comment