රාවණාගේ කරත්තය ගමන් කළ - චැරියට් පාත් 🎍🌿🌱 (Chariot Path)

අද අපි කතා කරන්න යන්නේ තවත් සුවිශේෂි තැනක් ගැන.ඒ චැරියට් පාත් ගැන.රාවණා හා ඔහුගේ පුරාවෘත්තයන් හා බැඳුණු ස්ථාන ලංකාවේ විවිධ තැන්වල තියෙනවානේ.

ඒ අතුරෙන් වඩාත්ම ස්වභාව සෞන්දර්ය‍යෙන් අනූන පෙදෙසක් පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ අන්තයේ තමා පිහිටලා තියෙන්නේ.රාවණාගේ කරත්තය ගමන් කළ මාර්ගය යන අර්ථයෙන් මෙය 'චැරියට් පාත්' යන නමින් හැඳින්වෙන අතර ගම්වැස්සන් මෙය හඳුන්වන්නේ 'පිට්ටනි' යන නමින්.

මේකෙ කතාව මෙහෙමයි,රාවණ රජුන්ගේ ඉතිහාසයේ ඔහු විසින් සීතා දේවිය “ලංකාපුර” අගනුවර සිට “අශෝක විටක” නම් ස්ථානයට රැගෙන ගිය අතර වාරයේදී මෙම ස්ථානය හරහා තම රිය ගෙන ගිය බවත් එවිට මෙම ස්ථානය නිර්මාණය වූ බව තමා පැවසෙන්නේ.

මෙම සුන්දර බිම්කඩ සොයා යන ගමන පටන් ගන්නේ පුස්සැල්ලාව ‍'ෆ්‍රොටොෆ්ට් ' වතුයායෙන්.. මේක පෞද්ගලික වතු යායක්.යන්න තියන්නේ ටිකක් අපහසු අඩි පාරක.

අඩිපාර දිවයන්නේ කඳුකර වනාන්තරයක් මැදින්.කදු බෑවුම් තරණය කරමින් උඩ තැන්නට ආවිට දැනෙන පහස නම් කියලා නිම කරන්න බෑ...

රාවණා ගමන් කළ කරත්ත පාර යැයි පෙන්නන තණ ගොල්ලේ අපූරුවට සිත්තම්ව තිබෙන අයුරු දැකගන්න ලැබෙනවා.. 

එහි ඇත්ත නැත්නම් දන්නේ නෑ ඉතින්.තැන්නේ කෙළවරක කුඩා දියපොකුණක් තියෙනවා.

මේ පොකුණ සීතා පොකුණ ලෙසයි හැඳින්වෙන්නේ.මේ පොකුණ සීතාගේ කඳුළින් නිර්මිත බව ජනප්‍රවාද වල සදහන් වෙනවා.

මේ පොකුණ ඕනෑම නියන් කාලයක හිඳෙන්නේ නෑ කියලත් ගම්වාසීන් කියනවා.බැලූ බැල්මට නිහඬ වුවත් වනබිම ජීවයෙන් පිරී තිබේ.

රාවණාගේ කරත්ත පාර පිහිටලා තියන මෙම කඳු වැටිය පිහිටලා තියෙන්නෙ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2100කට වඩා උසින්.

වැදගත්ම දේ තමා අපේම travel කියාගෙන යන පිස්සන්ගේ වැඩ නිසා දැන් මෙහි යන්න තහනමක් වැටිලයි තියෙන්නේ.

මතක ඇතිනේ කට්ටියක් මේ ලගදි ගිහින් වනසලාම ආවේ.🙏අනේ පරිසරය සුරකින්න බැරිනම් ගෙදරට වෙලා ඉන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
රාවණාගේ කරත්තය ගමන් කළ - චැරියට් පාත් 🎍🌿🌱 (Chariot Path) - Your Choice Way

උපුටා ගැනීමකි....

0 comments:

Post a Comment