පිරමීඩ තාක්ෂණය (Pyramid Technology)

පිරමීඩ තාක්ෂණය (Pyramid Technology)
පිරමීඩයක් කියන්නෙ මොකක්ද? පිරමිඩයක් කියන්නෙ  සර්වසම ත්‍රිකෝණ හතරක් හා සමචතුරස්‍රයක්  සමග සෑදුණු ව්‍යුහයක්.

සමචතුරස්‍ර පිරමීඩයක් තමයි ගීසාහි මහා පිරමීඩය කියන්නෙ.පිරමීඩ ගත්තොත් අපිට මතක් වෙන්නෙ බොහෝ ප්‍රසිද්ධ ඊජිප්තු පිරමීඩ.නමුත් මේ ලෝකය පුරාම පිරමීඩ 10,000 කට වඩා තිබේ.ඒවායින් බොහෝමයක් මේ වන විටත් සක්‍රීය මට්ටමේ ඇත.ඒවා සක්‍රීය වන්නේ කෙසේද යන්න පසුවට කතා කරමු.

පිරමීඩ යනු තාක්ෂණයකි.එය විශ්වය පුරාම යොදා ගත හැකි තාක්ෂණයකි.එයට පෙර ඔබට පෘථිවිය පිලිබද කතා වෙන හා එතරම් කතා නොවෙන කරුණු කිහිපයක් පෙන්වා දෙන්නම්.

වර්ථමානයේ අප කතා වෙන ඊජිප්තු පිරමීඩ වල පුදුම සහගත කරුණක් ගැන පමණක් අවධානය දී ඒ පිලිබද පමණක් තර්ක කරමින් සිටී.එනම්,මහා පිරමීඩයේ පිහිටීමෙහි උතුරු අක්ෂාංශ වන 29.9792458°N වල හා ආලෝකයේ ප්‍රවේගය වන 299.792458mS-1 ට අංක වලින් සමාන වීම.නමුත් බොහෝ අයගේ අදහස මෙය අහම්බෙන් ලැබුණු පිලිතුරක් බවත් එකල මීටරය යන ඒකකය භාවිතා නොවූ අතර මේ සදහා වෙනත් ඒකකයක් එනම් සැතපුම් හෝ ආදේශ කල හොත් මෙය වෙනස් වන බවය.එය සත්‍යයි.මක් නිසාද යත් මේ බොහෝ පරිමාණ හා මිනුම් අපට අවශ්‍ය පරිදි නිර්මාණය කර ගත් ඒවාය.නමුත් මීටරය යන මිනුම බිහි වූයේ කෙසේද යන්න කවුරුන් වත් සොයා බැලුවාද යන්න නොදනී.

ඊජිප්තුවේ කුඩාම පිරමීඩය ලෙස සඳහන් වන නමක් නොමැති එහෙත් මිනුම් වලින් විශ්මිත එහි එක් මුහුණතක ආනත දිග මීටර් 1ක් සහ සෙන්ටි මීටර් 57 කි. මේ පිරමීඩයේ උස හරියටම මීටර් 1 කි. මෙය හරියටම මීටරයක් වුනේ කෙසේද?අහඹුවක්ද? මෙවැනි දෑ විශාල ප්‍රමාණයක් පවතී.

මීටරය සංකල්පය නවීන විද්‍යාවේ දිගක් මැනීමට භාවිතා කරන අන්තර්ජාතික සම්මත ඒකකය (SI) වන අතර එය සොයා ගත්තේ කෙසේද?ඔබ එය දන්නවා නම් උඩ කියූ ඉලක්කම් නිකන්ම සමපාත වීම් නොකියනු ඇත.

ක්‍රිස්තු පූර්ව කාල වල, මේ ගොඩනැගිළි තනන කාලයේ මීටරය කියා ඒකකයක් තිබුනේ නැති බව ඉතා පැහැදිළිය. මීටරය යන ඒකකයේ අර්ථ දැක්වීම එම මීටරය නව ලෝකයේ අර්ථ දක්වන කාලයේ මේ පිරමීඩ ගැන අදහසක් නොතිබිණ.මීටරය ආකාර 2කට අර්ථ දැක්වේ.

එනම් මීටරය මුලින්ම 1793 වසරේ අර්ථ දක්වන්නට ගත් මිනුම වූයේ, නිරක්ෂයේ සිට උත්තර ධ්‍රැවයට ඇති දුරෙන් මිලියන 10න් එකකි.එනම් ඇති දුර ප්‍රමාණය මිලියන 10 න් බෙදූ විට ඒකක 1කට ආසන්න විය යුතුය.මේ වන විට නිරක්ෂයේ සිට මීටර් 9944350 ක් ඇත.මෙය මිලියන 10 න් බෙදූ විට 0.994435කි.ආසන්නව ඒකක 1කි.

දෙවැන්න වූයේ,රසායනික සහ ඉලෙක්ට්‍රොනික දැනුම අනුව එනම් ‘ක්‍රිප්ටන් 86’ යන මූළ ද්‍රව්‍යය මගින් ඇති කරන විමෝචක තරංගයේ ගුණාකාරයකි.ක්‍රිප්ටෝන් -86 හි විද්‍යුත් චුම්භක වර්ණාවලියේ තැඹිලි-රතු විමෝචන රේඛාවේ තරංග ආයාම 1 650 763.73 ක එකතුව  මීටරයක සීමාවේ පැවතීමය.

දැන් ඔබට පේනවා ඇති මීටරය යනු ස්වභාව ධර්මයෙන් ලබා ගත් දුරක වටිනාකමක් බවය.එය හිතලුවක් නොවේ.එනම් මා කලින් කියූ මීටරයක් උස කුඩා පිරමීඩයේ පොලව මට්ටමෙන් ක්‍රිප්ටන් 86 මූලද්‍රව්‍ය විමෝචනය කලහොත් පිරමීඩෙ මුදුනෙන් මූලද්‍රව්‍යයේ තරංග ආයාම එකතුව අවසන් වේ.

ඊජිප්තුවේ ‘එල් ගීසා’ හී ඇති පිරමීඩ තුන අතුරෙන් විශාලතම පිරමීඩය, ඉතිහාසඥයන් මෙන්ම ගණිතඥයන්ද මහත් සේ පුදුම කළ දෙයකි. මෙය පැරණි පුදුම හත ලෙස නම් කල, ‘පුදුම හතෙන්’ එකකි. ශත වර්ෂ 47කට පෙර, මේ පිරමීඩය තැනීමට හෙක්ටෙයාර් 6000ක ඉඩක් අවශ්‍ය විය. පාපන්දු පිටි 6ක වර්ග ප්‍රමාණයක මේ පිරමීඩය පැතිරිණි. ටොන් 12 සිට 70 තෙක් ප්‍රමාණයේ ගල් මිලියන 2ක්, හැතපුම් 500ක දුර සිට ප්‍රවාහනය කරන්න සිදු විය. එක් ගලක ප්‍රමාණය තරමක ට්‍රක් රථයක් පමණ විශාල විය. ඒ ගල් වල මුළු බර ටොන් මිලියන 6.2 ක් විය. සම්පූර්ණ පිරමීඩය තැනීමට අවුරුදු 20ක් ගතවිය.

ඉහත කී මිලියන 2 ක ගල්, අවුරුදු 20ක් ඇතුළත සම්බන්ද කිරීමේදී, එක් ගලක් සම්බන්ද කිරීමට විනාඩි දෙක හමාරක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් පිරමීඩයක් යන්න ඇසුණු විට ඔබගේ සිතට එන්නේ පැති හතරක පිරමීඩයකි. එහෙත් සියුම් ආකාරයට බැලූ විට එක් පැත්තක් මැද සිරස් රේඛාවකින් දෙකකට බෙදී තිබිණ. එනම් මේ පිරමීඩයේ පැති 8ක් තිබේ. එය එසේ නම් මේ ගොඩනැගීම තවත් සංකීර්ණ වන බව පැහැදිළිය. ඒ අතර ඉහත කී ගල් එක හා සමාන වූයේද නැත.

අස්වාන් වේල්ල තැනීමේදී එයින් සිර වෙන ජළය නිසා අබු සිම්බල් දේවස්ථානය යට වීම හේතුවෙන්, මුළු දේවස්ථානයම මුල් ස්ථානයෙන් ඉවත් කර වෙනත් තැනක ස්ථාපිත කිරීමට වසර 5 ක් ගතවිය. එහි කොටස් 2000 ක් තිබිණි. එහෙත් ගීසා පිරමීඩයේ කොටස් මිලියන 2ක් එකතු කර පිරමීඩය නිර්මාණයට යන ලද්දේ වසර 20ක් පමණි.

මේ ගල් එක හා සමාන ප්‍රමාණයට කපා පිරමීඩය තැනීමට නොගත් බව, මෙහිදී සැලකිය යුතු කාරණයකි. එවිට එක වර සිතෙන දෙයක් වන්නේ, සැතපුම් පන්සීයක් ඈත සිට ගෙන එන ලද ගල් කපා එක ප්‍රමාණයට තැනූවහොත්, බොහෝ ගල් අපතේ යන බවය. එහෙත් ඒ නිගමනයද වැරදිය. එනම් දෙපැත්තක බිත්තියක් හෝ, පැත්තක් ගත් විට, ඒ දෙපාර්ශයම සමමිතිකය. පිරමීඩ වල මිලියන දෙකක් ගල් මෙසේ සමමිතික ලෙස සකසන්නට මිනිස් අතකින් නම් නොහැකි වනු ඇත. එසේම එක් ගලක් හා අනෙක එකට ස්පර්ශ වන හිඩැසට පත්තර කොලයක් වත් දමන්නට බැරි තරම් ශුක්ෂමව සම්බන්ද කර ඇත. අද දින ඇති සුපර් කොම්පියුටර තාක්ෂණයෙන් වුවද මෙසේ මෙම පිරමීඩය, ඉහත කියන ලද තාක්ෂණික කරුණු වලට අනුකූලව තැනීමට නොහැක.

මේ සියලු ගොඩනැගීම් කරන්නට යන්ත්‍ර භාවිතා කලා යයි කියන්නට කිසිම සාධකයක් නැත. ගොඩනැගීම් වලින් පසු, ඒ යන්ත්‍ර විනාශ කලේද එසේ නැතහොත් මිනිසාගේ දෑතින් පමණක් මේ ව්‍යුහයන් නිර්මාණය කලාද? මේවා රහස් වේ. මේ සියලු දේ ගොඩ නැගු ආකාරය ‘ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්රියා පුස්තකාලයේ සඳහන්ව තිබිණ’ යන්න පමණක් සටහන් වේ. එහෙත් නූතන මානවයාගේ අවාසනාවට, එක් ජාතියක පිරිසක් විසින් එය ලොවට අහිමි කර ඇත.නමුත් මෙයට වඩා සාර්ථක රහස් පිරමීඩය තුලම තිබෙන්නට හැක.

පිරමීඩ තැනූ පසු ඊජිප්තුවේ දැවැන්ත භුමි චලන තුනක් සහ ගංවතුර නිසා, රට මුළුමනින්ම විනාශ විය. මේ පිරමීඩ හෝ වෙනත් ගොඩනැගීම් වලට ඉන් කිසි හානියක් සිදු නොවිය. පිරමීඩ තනා ඇත්තේ කිසිම ව්‍යසනයකදී විනාශයෙන් බේරෙන ආකාරයටය.ලොව පවතින කිසිදු පිරමීඩ හැඩැති ආකෘතියක් ස්වභාවික විපතකදී විනාශ නොවේ.

මෙසේ තැනූ පිරමීඩයේ ප්‍රමාණයට සාපේක්ෂව, එහි ඇතුලේ ඇති හිස් ඉඩකඩ ලෙස තිබු කාමර තුන, හාස්‍යජනක ලෙස කුඩා විය. මිනිසෙක් මිය ගිය පසු, කුමන ආකාරයෙන් එම ශරීරය තබා ගන්නට හැදුවද, එය කලකදී විනාශ වන්නේය.

මෙය පුරාණ ඊජිප්තු ජාතිකයන් දන්නේ නැත යන්න සිතිය නොහැක. එසේ හෙයින් මේ පිරමීඩ ඇතුලේ ඇති ‘මමිය’ හෙවත් කල් තියා ගන්නා ආකාරයට සකසා ඇති ශරීර සහ ශරීර අංගෝපාංග, සමහරවිට පිරමීඩය තැනීමේ නියම හේතුව සඟවනවා විය හැක.

දැන් අප ඊජිප්තුව වෙත පසුව එන්නට බලාපොරොත්තුවෙන්, පරිබාහිර දෙයක් ගැන සිත් යොමු කරමු. …‘ඊස්ටර් දිවයින’ පැසිෆික් සාගරයේ ලෝකයේ දකුණු අර්ධ ගෝලයේ හුදකළාව ඇති දිවයිනකි. එහි අමුතුම ආකාරයේ දැවැන්ත ප්‍රතිමා ඇති ස්ථානයක් තිබේ. මේ ප්‍රතිමා සම්පූර්ණ කළු ගලෙන් කර ඇති අතර, ඒවා අඩි 16 සිට 36 තෙක් උස ඇති ටොන් සිය ගණන් බර විශාල වස්තුන්ය. මේ සියලුම ප්‍රතිමාවල මුහුණ යොමුව ඇත්තේ එක්තරා දිශාවකට වේ. මේ දිශාව කුමක්ද?

එම ප්‍රතිමාවල මුහුණු හරවා ඇත්තේ එම වසන්ත විෂුව වන අවස්ථාවේ හිරුගේ බැසීම සිදු වන දිශාවට වේ. මේ හුදකළා දිවයිනේ කවුරුන්, කුමට මෙසේ මෙම දැවැන්ත ප්‍රතිමා තැනුවේද යන්න අභිරහසකි.

දැන් අපි තවත් තැනකට සිත යොමු කරමු. ඒ පීරු නම් දකුණු අප්‍රිකාවේ ඇති රටයි. එහි ‘නස්කා ‘ නම් නිම්නයේ යම් යම් රූප ඇඳ ඇත. මේ රූප පොඩි පහේ රූප නම් නොවේ. එසේ හෙයින් බිම සිට හෝ අවට ඇති කඳු උඩට ගොස් බැලුවද, නොපෙනේ. මේ පින්තුර දැකිය හැකි එකම ක්‍රමය, ගුවන් යානාවකින් අහසේ සිට බැලීමෙන් පමණි. ඔබ දකින වඳුරාගේ රූපය එක් රුවකි. එසේම ඉන්කා කෞතුකාගාරයේ ඇති, තැලී ගිය මෙන් පැතළි හිස් ද කුතුහලය ගෙන දෙන දේවල් වේ. ඒ හිස් වල ආකාරය ඊජිප්තුවේ පාරාවෝ රජුන් ගේ හිස් වලට බොහෝ සමානය. ඊජිප්තුවේ වෙනස් හැඩයෙන් ඇති ගල් වලින් කරන ලද ගොඩ නැගීම් මෙන්ම, මෙහිද කරන ලද ගොඩනැගීම් විවිධ ගල් වලිනි. වෙනසක් නැත..! එනම් ඊස්ටර් දිවයින, පීරු හි ‘මච්චු පිච්චු’, ගීසා පිරමීඩ යන මේ සියලු ස්ථාන වල ගල් එකට සම්බන්ද කරන ලද ගොඩ නැගීම් එකම ආකාරයක් වේ.

දැන් අපි චීනයේ ‘ෂෙන්-ශි’ ප්‍රාන්තය වෙත යමු. මෙහිද පිරමීඩ වැනි ගොඩනැගීම් ඇති බව ඇසුව හොත් යම් කෙනෙකු පුදුමයට පත් වනු ඇත. හේතුව චීන ජන රජයෙන්, මෙතක් නොදන්නා හේතුවක් නිසා, මේ පිරමීඩ වලට කිසිම ප්‍රචාරයක් නොදීමය. ඒවා බැලීමට විදේශිකයන්ට ඉඩක් නැත.සමහරක් පිරමීඩ මතුපිට යම් රටාවකට අනුව ගස් සිටුවා සඟවා ඇති බවද පෙනේ. මේ ස්ථානයේ ඇති පැරණි අකුරු පින්තුර භාවිතා කරමින් ලියා ඇත. එසේම පුරාණ ඊජිප්තුවේද, මායා ශිෂ්ටාචාරය තිබූ රටවල් වලද, ලියා ඇති භාෂාව වන්නේ රූප වලිනි. මෙතෙක් කියූ කිසිම රටක් ඉතිහාසගතව හෝ ගොඩ නැගිලි ඉදි කිරීමේ හෝ වෙනත් කාලීන ආකාරයේ සම්බන්දතාවයක් නැත.

මෙක්සිකෝව, ගීසා සහ චීනය එක් රේඛාවක් දිගේ ඇත. අනෙක් රේඛාව ‘ඊස්ටර් දිවයින’, නස්කා නිම්නය පීරුව ඇතුළු මායා ශිෂ්ටාචාර, ගීසා පිරමීඩ, ජෝර්දානයේ ‘පෙට්‍රා’, ඉරානයේ ‘පර්සිපොලිස්’, පකිස්තානයේ ‘මොහෙන්දොජරෝ’, ඉන්දියාවේ ‘කජුවාරෝ’ සහ ‘බුරුමයේ ‘පේ’  හරහා ඇදී යයි. මේ දෙවන රේඛාව නිරක්ෂය සමඟ, හරියටම අංශක 30ක ආනතියක් තනන්නේය. ඉහත කියන ලද සියලුම ස්ථාන වල අමුතු ආකාරයේ , අද දින සොයාගත්තේ නැති අද්භූත විස්තර ඇති ගොඩනැගිලි සහ ලකුණු තිබේ.ලිපිය දිගු වන නිසා ඊලඟ ලිපියෙන් මෙහි ගණනයන් බලමු.
පිරමීඩ තාක්ෂණය (Pyramid Technology)

පිරමීඩ තාක්ෂණය (Pyramid Technology)

පිරමීඩ තාක්ෂණය (Pyramid Technology)

පිරමීඩ තාක්ෂණය (Pyramid Technology)

පිරමීඩ තාක්ෂණය (Pyramid Technology)
බොහෝ තොරතුරු උපුටා ගන්නා ලදී.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පිරමීඩ තාක්ෂණය (Pyramid Technology) පිරමීඩ තාක්ෂණය (Pyramid Technology) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 23, 2020 Rating: 5

0 comments:

Post a Comment