දුරකතන අංකය වෙනස් නොකර දුරකතන සමාගම වෙනස් කිරීමට අවස්ථාව උදා වෙයි/අංකය මාරු නොකරම වෙනත් සේවා සපයන්නෙකු සමග එක් වෙන්න පාරිභෝගිකයන්ට අවස්ථාව

 දුරකතන අංකය වෙනස් නොකර දුරකතන සමාගම වෙනස් කිරීමට අවස්ථාව උදා වෙයි

ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන සමාගම වෙනස් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබෙනවා.

පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තමන්ගේ ජංගම දුරකථන සඳහා භාවිත කරන සිම් කාඞ්පත වෙනස් කිරීමකින් තොරව සිය සේවා දායකයා පමණක් වෙනස් කිරීමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඊට අදාළ මුලික ක‍්‍රියාමාර්ගයන් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ”ට්විටර්” සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

අංකය මාරු නොකරම වෙනත් සේවා සපයන්නෙකු සමග එක් වෙන්න පාරිභෝගිකයන්ට අවස්ථාව

පාරිභෝගිකයින් භාවිතා කරන ජංගම දුරකථන අංකය වෙනස් නොකට සිය දුරකථන සේවා සපයන්නා තෝරා ගැනීමට හෝ වෙනස් කිරිමට අදාල පාරිභෝගිකයින් හට අවස්ථාවක් ලබාදීමට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තමන්ගේ ජංගම දුරකථන සඳහා භාවිතා කරන සිම් කාඩ් පත් වෙනස් නොකට සිය සේවාදායකයා තෝරා ගැනීමට හැකි වන පරිදි මෙම සේවාව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය මුලික ක්‍රියා මාර්ගයන් ගෙන ඇති බවයි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ට්විටර් සටහනක් තබමින් සඳහන් කරන්නේ.

මිට පෙර අවස්ථාවකදී ද මෙම පියවර ක්‍රියාත්මක කිරිමට උත්සහ කළද එය සාර්ථක නොවූ බවත්, පාරිභෝගිකයින් ගේ පහසුව තකා එම පියවර ක්‍රියාවට නැංවිමට අවශ්‍ය සාකච්ජා අරඹා ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ.


View my Flipboard Magazine.

View the original article here

0 comments:

Post a Comment