රජු හිනැස්සූ - අන්දරේගේ සොහොන ⚰️🤍⚰️ (The King Laughed - Andre's Tomb)

අද අපි කතා කරන්න යන්නේ අපි කවුරුත් දන්න අන්දරේගේ සොහොන ගැනයි.මහනුවර යුගයේ රජකම් කළ රාජාධිරාජසිංහ රජතුමාගේ රාජ සභාවේ කවටයා විදිහටත්,ඔහුගේ අධිකාරම්වරයකු හැටියටත් සේවය කළ අපූර්ව කවියකු ලෙස තමා අන්දරේ හැදින්වුනේ.

සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම් ලෙස ප්‍රකටව සිටි කවට අන්දරේ පිළිබද නොදන්නා කෙනකු නැති තරම් නේ.

ඔහු මියගිය කතා පුවත මේ වගේ.අන්දරේ රජ වාසලේ සිටින අතරේ ඔහු රෝගාතුර වෙලා තියෙනවා.අන්දරේ නැවත ගමට යා යුතු බව තීන්දු කර රජුට දැන්වලා තියෙනවා.

ඒ කොහොමද දන්නව ද තමන්ට ද රජකු මෙන් ගමට යා යුතු බව යි.රජු ඔහුට දෝලාවක් ද, රාජපුරුෂයන් ද, රාජ ඇඳුම් ද, ඔටුන්නක් ද ලබා දී යැවෙනවා.

දැන් ඔන්න අන්දරේ ගමට යන්න පිටත් වුණා.සබරගමුවේ පැල්මඬුල්ල හා උඩවලව හරහා යමින් සිටි ඔහුට තද පිපාසයක් දැනුණු බව කියවෙනවා.

තමන් රෝගාතුර වූ බව වටහා ගත් අන්දරේ තමා මරණයට ළඟාවී ඇති බවත්තේරුම් ගෙන තිබෙනබා.ඔහු සෙමෙන් දෝලාවෙන් බැහැලා පලු ගසක් යට හිඳ ගෙන තිබෙනබා.

ඒ හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනුණු හෙයිනි. දෑත් දෙපා දෙපසට විහිදාගත් ඔහු, කවියකින්ම තම ජීවිතයේ අවසන් හුස්ම හෙළු බව කියවෙනවා.
රිදී කළේ රන් කොතලේ බීපු මට
නිකම් කළේ පැන් නැතිවිය පිපාසෙට
කොට්‌ට මෙට්‌ට ඇඳ ඇතිරිලි තිබු මට
මෙහෙමත් කල යාද පළු වීර ගස්‌ යට
කොතරම් රාජ ගෞරව, සැප සම්පත් ලැබුණත්, දිය පොදක්‌ පිපාසෙට නැතිව, හම්බන්තොට තිස්‌සමහාරාම ප්‍රදේශයේදී, නැත්නම් තමන් උපන් ගමට යන අතරතුර රෝගාතුරව, ගහක්‌ යට මිය යෑමට සිදුවුණු බව මේ කවියෙන් කියැවේ. 

අන්දරේ සොහොන සකසා ඇත්තේ ද , ඔහු මියගිය ආකාරය සිහිගන්වමිනි.අන්දරේගේ මරණය රජුට ගෙන ආවේ ශෝකයකි. එහෙත්, මේ ස්ථානයට පැමිණි රජුට, අන්දරේගේ ඉරියව්ව දැක සිනා පහළ වෙලා තියෙනවා. 

“අන්දරේ නුඹ මා හැමදා සතුටින් සැනසුවා” යැයි රජු පැවසූ බව ද මින් කියැවේ.මිය ගොස් සිටි ඉරියව්වෙන්ම, රජුගේ ගෞරව මැදින් අන්දරේ අවසන් ගමන් ගිය බව ද සැලවෙනවා.

වර්තමානයේ උඩමලල ස්ථානයේ දැකිය හැක්කේ, අන්දරේ මියගිය ආකාරයෙන් ස්ථාපිත ස්මාරකයකි.රජවාසලේ කවටයා හෙවත් අන්දරේ පිළිබඳ ලොකු කුඩා කවුරුත් තුළ ඇත්තේ දැඩි ඇල්මකි.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 

උපුටා ගැනීමකි....

0 comments:

Post a Comment