ප්‍රධාන දොරටුව ආශ්‍රිත දෝෂ 18ක් (18 Main Door Related Bugs)

1.)බ්‍රහ්ම වේද දෝෂ-නිවසේ හරි මැදින් දොර තැබීම නිසා නිවැසියන්ගේ කිර්තිය නැතිවීම හා නිවස අනාරක්ෂිත වේ.

2.)කදිම වේද දෝෂ-නිවස ඉදිරිපිට මඩ වලක් පිහිටා තිබීම ඉතා අසුභ ඵල ගෙන දේ.

3.)ජල නිර්ගමන දෝෂ-ප්‍රධාන දොරටුව ඉදිරිපිට වංගුවක් ලෙස ඇලක් හෝ ගගක් වැනි දියපාරක් ගමන් කිරීම නිවසට ධන හානි භව භෝග දේපල හානි සිදුවේ.

4.)දේවතා වේද දෝෂ-දේවතා පිළිම ඉදිරියේ නිවාස පිහිටු වීම නිතර කලබල ඇතිවීමට හා වෙනත් දෝෂ ඇත්විය හැක.

5.)සුසාන වේද දෝෂ-සොහොන් මෘත ශරීරාගාර අසල නිවාස පිහිටා තිබීමද අසුබ ඵල ගෙනන නිවසෙහි ශ්‍රියාව නැතිකරන ආදායම් තත්වය පහල හෙලන දෝෂයකි.

6.)මාර්ග වේද දෝෂ-නිවාස ඉදිරිපිටින් වංගුවක් සහිත මාර්ගයක් ඇත්නම් එය ‍ඉතා අසුභය.

7.)වෘක්ෂාවේද දෝෂ-නිවසෙහි ඉදිරිපස දොර කෙලින්ම විශාල ගසක් තිබීම ද විවිධ බාධක ලදුන්ට අපල ගෙනෙන දෝෂයකි.

8.)කුප වේද දෝෂ-නිවස ඉදිරියේ ම ළිදත් පිහිටා තිබීම ද අසුභ ඵල ගෙන දේ.

9.)ස්ථම්භ වේද-නිවස ඉදිරියේ ප්‍රධාන දොර අසල ගල් කණු හෝ වෙනත් කණු පිහිටා තිබීම නිසා ආරක්ෂාවට හානි පැමි‍ණේ.

10.)කෝණ වේද ‍දෝෂ-නිවසේ ප්‍රධාන දොර පැත්ත අසලින්ම වෙනත් නිවසක බිත්ති කෝණ වැටීම නිසා මෙම දෝෂය ඇතිවේ.

11.)ද්වාර දෝෂ-නිවසක ප්‍රධාන දොර කෙලින්ම වෙනත් නිවසක දොරක් පිහිටා තිබීම අසුභ ඵල ගෙනෙන්නකි.

12.)නිරස්ථීන දෝෂ-කුකුල් කොටු ගව ගාල් පිහිටා තිබීම අසුභ ඵල ගෙන දේ.

13.)මර්මස්ථාන දෝෂ-නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට කුණු කසල බැහැර කරන ස්ථාන තිබීම සුදුසු නොවේ.

14.)කුම්භකාර වේද දෝෂ-නිවස ඉදිරියේ ගඩොල් වලං පෝරණු වැනි දෑ තිබීම අසුභය.

15.)රජක වේද දෝෂ-නිවස අසල රෙදි සෝදන ස්ථාන තිබීම සුදුසු නොවේ.


16.)ගණිකා වේද දෝෂ-නිවස ඉදිරිපිට ගණිකා නිවාස වැනි දෑ තිබීම මෙ නම් වේ.

17.)ධග්ධ රේඛ වේද දෝෂ-ධග්ධ රේඛා හෙවත් මරුශුලය ගිණිකතුර හා විථී යන ර්ඛා වලටද වහලේ යට ලීමුදුන් ලී ආදියටද බ්‍රහ්ම පාදය කැපී යන කෙ‍ා්ණ වලටද ප්‍රධාන දොරටුව තැබීම දෝෂ සහිත වේ.

18.)රාජ වේද දෝෂ-මැති ඇමති වරු රජයේ නිල නිවාස ආදියට මුහුණට මුහුණ ලා නිවාස පිහිටීම ද දෝෂ සහිතය.
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment