පරාටා හදන හැටි (How To Make Parathas)

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පාන් පිටි කප් 5
  • තෙල් මේසහැදි 6
  • සිනි ටිකක්
  • රස අනුව ලුණු
  • බේකින් පවුඩර්
  • වතුර
හදන හැටි:
  1. මුලින් පාන් පිටි එකට මේ සියල්ල හොදින් එක් කර කලවම් කරන්න. 
  2. පස්සෙ වතුර ටික ටික දමා මෘදු මිශ්‍රනයක් හදා ගන්න. 
  3. ඊට පසු අතේ හොදින් තෙල් ටිකක් ගා ගෙන එම පිටි මිශ්‍රනය විනාඩි 5 පමණ හොදින් අනා ගන්න.
  4. පසු තෙත රෙද්දකින් වසා පැය 1/2 තියන්න. 
  5. පැය භාගයකට පස්සෙ පෙනෙවි පිටි මිශ්‍රනය හොදින් සොප්ට් වෙලා තියනවා.
  6. පසු නැවත අතේ තෙල් ටිකක් ගා ගෙන නැවත හොදින් පිටි ටික අනා ගන්න. 
  7. පසු කැමති ප්‍රමාණයකට බෝල හදා ගෙන ඒ පිටි ගුලි ටිකත් පැය 1/4 පමණ තෙත රෙද්දකින් වසා තියන්න. 
  8. ඊට පස්සෙ ඉතිං ලෑල්ලක හොඳට තුනී කරන්න. 
  9. ඊට පස්සෙ ඒකට ඔයා කැමති මිශ්‍රණයකින් පුරවගෙන (එළවළු රොටී වගේ) හොඳට හැඩයක් එන විදියට ඔතාගන්න. 
  10. ඊට පස්සෙ ඉතිං ලෑල්ලක පුච්චගන්න.

තව ඉතිං ඕකටම බටර් ටිකකුයි බිත්තරයි දැන්මනම් හොඳ රසයක් එනවා.


0 comments:

Post a Comment