බිත්තර පරාටා හදන හැටි (How To Make Egg Parathas)

ටිකක් වෙනස් විදිහෙ කෑමක්.හරියට බිත්තර රොටි වගේ. හරියට හදාගත්තොත් නියමයි.
අවශ්‍ය දේවල්:
  • පාන් පිටි
  • තෙල්
  • ලුනු
  • බිත්තරයක්
  • ජලය
  • තක්කාලි
  • බිත්තරත්
  • මැදට දාන්න කරියක්
කරියට අවශ්‍ය දේවල්:
  • තම්බාගත් අල 200g
  • ලීක්ස් 50g
  • කැරට් 100g
  • ගම්මිරිස් තේ හැදි 1ක්
  • කහකුඩු තේ හැදි 1/4ක්
  • මිරිස් කුඩු තේ හැදි 1ක්
  • තුනපහ තේ හැදි 1ක්
  • ළූණූ ගෙඩි 1ක්
  • සුදු ළූණූ තේ හැදි 1ක්
  • ඉගුරු තේ හැදි 1ක්
  • අමු මිරිස් කරල් 4ක්
  • අබ ඇට තේ හැදි 1/2ක්
  • කරපිංචා ඉත්තක්
  • රම්පේ කොල 1/2ක්
මුලින්ම මැද කරිය සාදන ආකාරය:
ඔබට මතක ඇති අපි එළවලු රොටි සාදන්න ගත්තු මිස්ශ්‍රනය.(එළවලු රොටි සාදන ආකාරය බලන්න මෙතනින්) එකම මේකටත් පාවිච්චි කරන්න පුළුවන්.
පහත ආකාරයට මිශ්‍රණය සකසා ගන්න,
  1. තෙල් ස්වල්පයක් රත්කර එයට අබ ඇට දමා පුපුරන විට ළූණූ, ඉගුරු, සුදු ළූණූ, කරපිංචා, රම්පෙ, අමුමිරිස් එක්කර රන්වන් පැහැ වන විට තුනපහ, කහ, මිරිස්, ගම්මිරිස්, ලුණු එක්කරගන්න. 
  2. මද වෙලාවකින් කැරට් එකතුකරන්න. 
  3. පසුව ලීක්ස් දමා සුළු වේලාවක් තම්බා පොඩි කරගත් අල එකතු කරන්න. 
  4. හොදින් මිශ්‍රකරන්න.
මේ ටික දෙවනුව කරගෙන ඉන්න ඕනේ:
  • පාන් පිටි,තෙල්,ලුනු,බිත්තරයක් හා අවශ්‍ය පමනට වතුර දාලා රොටීය හදාගන්න.විනාඩි 20ක් තියන්න.ටිකක් වැඩිපුර තෙල් ඕනා.මැදට දාන්න කරියක් ඕනා. තමන් කැමති දේකින් හදගන්න. වෙනම තක්කාලි,බිත්තරත් ඕනා.

සාදන ආකාරය:
  1. මුලින්ම පරාතා මිශ්‍රනයෙන් බෝල හදාගෙන තුනී කරගන්න.තෙල් දාලා තුනී කරගන්න)
  2. ඒ මැදට හදාගත්තු කරි එක දාලා,උඩින් බිත්තරයක් දාලා ඊට උඩින් පොඩියට කපාගත්තු තක්කලි දාලා බිත්තර රොටි වගෙ නවල දෙපැත්ත දාලා පුච්චගන්න.ඇතුලෙ බිත්තර ටික තැම්බෙන්න ඕනා.

0 comments:

Post a Comment