නිවිති,අඹ,කෙසෙල් දමා කොළ පාට සමුදී එකක් (A Green Salad With Spinach, Mango And Banana)

ඔන්න අපේ කෑම ලන්තයට එක්වෙන ,නිතරම කෑම වේල මගහැරෙන අයට ගොඩක් වටිනා තවත් බීම වර්ගයක් හදන විදිහ තමයි දැන් කියලා දෙන්න යන්නේ.එහෙම කිවුවේ මොකද මේක විනාඩි 5කින් වගේ සුටුස් ගාලා හදාගන්න පුළුවන් බීමක් හින්දා වගේම සීනී,ඒ වගේම කිසිම කෘතීම රසකාරකයක් භාවිතා නොකරන නිසා මේක 100% ක්ම පෝෂ්‍යදායි පානයකි. අපි දැන් බලමු මෙය සකසා ගන්නා ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • ලෙල්ල ඉවත් කර පෙති කපාගත්  ඉදුණු කෙසෙල් ගෙඩි 1ක් 
  • ලෙල්ල ඉවත් කර කොටු කපාගත් ඉදුණු අඹ ගෙඩි 1ක් 
  • ලපටි නිවිති කොළ කෝප්ප 1ක් 
  • කිරි කෝප්ප 1ක් 
  • අයිස් කැට කෝප්පයක්  https://www.yourchoiceway.com/
සාදාගන්නා ආකාරය:
හදන්න නම් හරිම ලෙසියි.කරන්න තියෙන එකම දේ තමයි ඉහත අවශ්‍ය කරන ද්‍රව්‍ය යටතේ තිබුණු දේවල් ටික බ්ලෙන්ඩර් එකට දාගෙන විනාඩි 2ක් විතර ක්‍රීම් වගේ මිශ්‍රණයක් එනකන්  බ්ලෙන්ඩ් කරගන්න එක.

ඊට පස්සේ විදුරු දෙකකට මිශ්‍රණය වෙන් කරගෙන පිළිගන්වන්න තමයි තියෙන්නේ. https://www.yourchoiceway.com/

👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

0 comments:

Post a Comment