චොක්ලට් කස්ටර්ඩ් මාරි බිස්කට් පුඩින් (Chocolate Custard Marie Biscuit Pudding)


කෑම ලන්තයෙන් මේ සුදානම් වෙන්නේ රසම රස චොක්ලට් මාරි බිස්කට් පුඩිමක් සාදාගන්නා ආකාරය කියදීමටයි. 
අවශ්‍ය ද්‍රව්‍ය:
  • උණු කිරි කෝප්ප 02ක් (fresh milk හෝ කිරිපිටි ගන්න පුළුවන්)
  • නිවුණු කිරි කෝප්ප 03ක් (fresh milk හෝ කිරිපිටි ගන්න පුළුවන්)
  • කොන්ෆ්ලා තේ හැඳි 06ක් (ඉරිගු පිටි)
  • චොක්ලට් පවුඩර් තේ හැඳි 03ක්
  • සීනි මේස හැඳි 06ක්
  • වැනිලා බින්දුවක්
  • මාරි බිස්කට් 300g
  • බටර් මේස හැඳි 02ක් (මාගරින් ගන්නත් පුළුවන්)
සාදාගන්නා ආකාරය:
  1. ලිපේ තියන්න පුළුවන් භාජනයකට චොක්ලට් පවුඩර්,කොන්ෆ්ලා,සීනි,බටර් දාලා මිශ්‍ර කරගන්න.
  2. ඒකට නිවුණු කිරි කෝප්ප 03 දාලා හොඳට කවලම් කරන්න.
  3. දැන්.ඒ මිශ්‍රණය සහිත භාජනය ළිපේ තියෙලා අඩු ගින්දරේ හැඳි ගාන්න.කැටි ගැහෙන්න දෙන්න එපා.
  4. ටික ටික මිශ්‍රණය බුබුළු දාලා උකු වෙනකන්ම දිගටම හැඳි ගාන්න.
  5. හොඳට ක්‍රීම් එකක් වගේ උකු උනාම ළිපෙන් බාගන්න.
  6. අන්තිමට වැනිලා ටිකක් එකතු කරන්න.දැන් චොක්ලට් කස්ටඩ් එක හදලා ඉවරයි.
  7. දැන් මාරි බිස්කට් උණු කිරි වල පොගවන්න.ගොඩක් පොගවන්න එපා එතකොට බිස්කට් කැඩෙනවා.
  8. සුදුසු භාජනයක් ගෙන එය පතුලේ කිරිවල පෙගෙවූ මාරි බිස්කට් අතුරා ගන්න.
  9. දැන් බිස්කට් වලට උඩින් කලින් සාදාගත් චොක්ලට් කස්ටඩ් එකෙන් තට්ටුවක් දමා ගන්න.
  10. මාරුවෙන් මාරුවට කිරි වල පොගවපු බිස්කට් හා චොක්ලට් කස්ටඩ් දමා ගන්න.
  11. අන්තිමටම චොක්ලට් තට්ටුවක් දාලා ඉවර කරන්න.
  12. දැන් පැය 2-3 ක්   ශීතකරණයේ තබන්න.

0 comments:

Post a Comment