කුස්සියේ තියෙන දේවල් වලින් පපඩම් හදමු ( Make Papadam Out Of The Kitchen Stuff ) | Your Choice Way

කුස්සියේ තියන සමහර අමුද්‍රව්‍ය භාවිතා නොකරම කල් ඉකුත් වෙනවා.අන්න ඒ වගේ දේවල් භාවිතා කරලා පපඩම් හදා ගන්න හැටි ගැනයි මේ කියන්නේ,

අවශ්‍ය දේවල්:
  • උඳු පිටි 500g
  • සූදුරු තේ හැදි 1
  • අසමෝදගම් ඇට තේ හැදි 1
  • බේකින් සෝඩා තේ හැදි 1/4
  • ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)
  • තෙල් ටිකක්
සාදා ගන්නා ආකාරය:
  1. භාජනයක් ගෙන එයට තෙල් හැර අනෙක් සියල්ල දමා ගෙන එකට මිශ්‍ර කර ගන්න.
  2. දැන් ටික ටික වතුර එකතු කරමින් අතේ ඇලෙන ගතිය අඩු රොටි මිශ්‍රණයක් ආකාරයට හොඳින් අනා ගන්න.
  3. පැය 2ක් පමණ පොලිතීන් ඉටි කවරයකින් (Cling film) පිටි මෝලිය (ඩෝ එක/පිටි ගුලිය) ආවරනය කර පසෙකින් තබා ගන්න.
  4. පසුව පිටි මෝලිය ගෙන එහි තෙල් ස්වල්පයක් ආලේප කරගන්න.
  5. දැන් බරින් වැඩි රෝලින් පින් එකක් (Rolling Pin), මෝල් ගසක් වැනි යමක් ගෙන එයින් මිටියකින් ගසන ආකාරයට පිටි මෝලිය මදක් මෘදු වන තුරු පිටි මෝලියට ගසා ගන්න.
  6. ඉන් පසුව පිටි මෝලිය කුඩා බෝල වලට කඩා ගන්න.
  7. පසුව රෝලින් පින් එක භාවිතා කර හීනියට තුනී කර ගන්න.
  8. දවස් දෙකක් තද අව්වේ හොඳින් වියළීමට තබා ගෙන තෙතමනය, සුළං නොවදින සේ අසුරා ගන්න.

👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment