ගෙදර දීම සාදාගත හැකි ආප්ප වර්ග හතරක් (Four Types Of Homemade Hoppers) - Your Choice Way

මුලින්ම පහත සදහන් ටික ඔබත් දන්නවා ද කියලා බලලා ඉන්න.
තාච්චිය පදම්‌ කිරීම
කොයි ආප්ප හදන්නත්‌ හොඳ තාච්චියක්‌ ඕන. අළුතෙන්‌ ගන්න ආප්ප තාච්චියක්‌ නම්‌ ඒකට වතුර ටිකක්‌ පුරවල, ගොරක කෑලි හතරක්‌ පහක්‌ දාල තම්බ ගන්න. ඊට පස්සෙ ඒ ගොරකා ටික තාච්චියේ හොඳට අතුල්ලලා, තෙල්‌ ටිකක්‌ ගාගත්තු රෙද්දකින්‌ හොඳින්‌ පිහිදන්න. නැවත තෙල්‌ ටිකක්‌ තාච්චියේ ගාගෙන රත්‌ කරලා නැවත පිහිදන්න. සෝදන්න එපා. දැන්‌ තාච්චිය සූදානම්‌. ඒත්‌ ආප්ප ඇලෙයි! කියල පොඩි හරි බයක්‌ තියෙනවනම්‌, ආප්ප මිශ්‍රණයට බිත්තරයක්‌ එක්‌ කරන්න. ආප්ප එක්ස්පර්ට්ලා නම්‌ කියන්නෙ ආප්ප හදන තාච්චියේ වෙන කිසිම දෙයක්‌ හදන්න එපා කියලයි.
ආප්ප මිශ්‍රණය
අවශ්‍ය ද්‍රව්‍ය : 
1. සුදු කැකුළු හාල්‌ කප්‌ 2 (සුදු හාල්‌ පිටි කප්‌ 2ක්‌ ගන්නත්‌ පුළුවන්‌)

2. උකු පොල්‌ කිරි

3. දිය කිරි

4. යීස්ට්‌ තේ හැඳි 54

5. සීනි මේස හැන්දයි

6. ලුණු

සාදන ආකාරය :
  • හාල්‌ සෝදා ගරා පැය , හතරක්‌ විතර පෙගෙන්න දාල, වතුර බේරල ගන්න. එයට උකු පේස්ට්‌ එකක්‌ හදාගන්න. අවශ්‍ය පමණට දිය කිරි එක්‌ කර හොඳින්‌ ග්‍රයින්ඩ්‌ කරගන්න. දැන්‌ එයට සීනි සහ යීස්ට්‌ එක්‌ කර පැය 6ක්‌ පමණ පියනකින්‌ වසා තබන්න.
  • පැය 6කට පසු එයට ලුණු සඟ උකු මිටි කිරි එක්‌ කරම, තෝසේ පදමට වඩා තරමක්‌ දියාරු මිශ්‍රණයක්‌ සාදා පොල්‌ කිරි පෙරනයකින්‌පෙරාගන්න. (බිත්තරයක්‌ එක්‌ කරනවා නම්‌ මිටි කිරි එක්‌ කිරීමට පෙර එක්‌ කර පසුව මිටි කිරි එක්‌ කරගන්න.)
දැන් බලමු ආප්ප වර්ග ටික,
පීසා ආප්ප( Pizza Hopper)
බ්‍රෙස්ට්‌ කොටසින්‌ චිකන්‌ ටිකක්‌ හීනියට කපාගන්න. ඒකට ලණු, ගම්මිරිස්‌ කුඩු ටිකක්‌ අතගාලා පැත්තකින්‌ තියාගන්න. තෙල්‌ ටිකක්‌ ලිපේ තියාගෙන. ඒකට චිකන්‌ ටික එක්‌ කර බැදෙන්න අරින්න. චිකන්‌ ටික බැදුනු පසු තලාගත්‌ ඉඟුරු සුදු ලනු ටිකක්‌ හීනියට කපාගත්තු ලනු, මාළු මිරිස්‌ ටිකක්‌ තක්කලි ටිකක්‌ මිරිස්‌ කුඩු චුට්ටක්‌ තියෙනවනම්‌ ඔරිගානෝ ටිකක්‌ ලුණු එක්‌ කර තෙම්පරාදු කරගන්න.

කලින්‌ වගෙම මැද හිටින්නේ නැති වෙන්න ආප්ප මිශ්‍රණය දමාගෙන සාදාගත්‌ චිකන්‌ මිශ්‍රණය දමාගෙන එයට උඩින්‌ ගාගත්‌ මොසරැල්ලා චීස්‌ ටිකක්‌ එක්‌ කර පියනකින්‌ වසා ආප්පය පුළුස්සා ගන්න.

චීස්‌ ආප්ප (Cheese Hopper)
චීස්‌ වලට කවුද කැමති නැත්තෙ. මෙන්න මෙහෙමයි, චීස්‌ ආප්ප හදන්නෙ. මේක කැමති නම්‌ බිත්තරයක්‌ එක්ක හරි බිත්තරයක්‌ නැතුව හරි හදන්නත්‌ පුළුවන්‌. ගන්න හැපී කව්‌ චීස්‌ වෙජ්‌ එකක්‌. ඒකට ගම්මිරිස්‌ කුළ ටිකක්‌, හීනියට කපාගත්ත ලුනු, අමු මිරිස්‌ ටිකක්‌ එක්ක ෆ්‍රෙශ්‌ මිල්ක්‌ මේස හැඳි දෙකක්‌ දාලා, ගෑරප්පුවකින්‌ හොඳට මික්ස්‌ කරගන්න. මෙතනදි, ෆ්‍රෙශ්‌ මිල්ක්‌ වෙනුවට බිත්තරයක්‌ දාගන්න පුළුවන්‌. කලින්‌ ඔම්ලට්‌ ආප්පෙට වගේම මැද හිටින්නෙ නැති වෙන්න ආප්ප මිශ්‍රණේ දාලා, හදාගත්තු චීස්‌ මිශ්‍රණේ දාලා ආප්පෙ පුළුස්සාගන්න.
කිරි ආප්ප (Milk Hopper)
මේක ලංකාවේ දකුණේ හුඟක්‌ අය දන්න කෑමක්‌. සමහරු නොදන්නවත්‌ ඇති. මෙහෙමයි හදන්නෙ,

ආප්ප මිශ්‍රණය තරමක්‌ මදය හිටින්න තාච්චියට දාගන්න. පියනකින්‌ වහලා ටිකක්‌ ආප්පය පිසීගෙන එන විට උකු පොල්‌ කිරි ටිකක්‌ ආප්පයේ මැදට දාගෙන නැවත පියනකින්‌ වහලා ආප්පය පුළුස්ස ගන්න. හරිම රස ආප්පයක්‌ මේ. කිතුල්‌ පැණි ටිකක්‌ දාගත්තා නම්‌ කියාගන්න බැරි රසයක් තියෙන්නේ.

එග්‌ ඇන්ඩ්‌ සීනි සම්බල්‌ ආප්ප (Egg And Sugar Sambal Hoppers)
ආප්ප වලට හොඳටම ගැලපෙන්නෙ ලුණු මිරිසට වඩා සීනි සම්බෝලෙ කියල රස දන්නෝ දනිති. මෙන්න මේ ආප්පෙ හදන්නෙ මෙහෙමයි හරිම පහසුයි. බිත්තර ආප්පයක්‌ දාගන්න. බිත්තරේ චුට්ටක්‌ තැම්බෙනකම්‌ පියනකින්‌ වහල තියලා ඊට පස්සෙ ඒක මැදට සීනි සම්බෝල ටිකක්‌ දාලා ආප්පෙ නවල හැන්දකින්‌ ටිකක්‌ තද කරන්න. බාපු ගමන්‌ කන්න පුළුවන්‌ රසම රස ආප්පයක්.

👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

0 comments:

Post a Comment