Patiyo Song Lyrics - පැටියෝ ගීතයේ පද පෙළ

Patiya Song Lyrics - පැටියෝ ගීතයේ පද පෙළ
Song Title : Patiyo (පැටියෝ)
DJ JNK (Jana) x Moniyo : Patiya (පැටියා)
Produced By : DJ JNK
Music/ Mixed & Mastered By : DJ JNK
Lyrics & Perform : DJ JNK & Mr Moniyo
Official Lyrics Video By Mahesh Prasanna ( Boom Music )
Thumbnail & Graphics : Hasitha Suhansa | Creative Themes Graphics


පුර හද මඩ වතුරේ
බැබලිලා වාසනා ගේනා
ගිලුනත් නැව මා හිනා වේනා
දෙන්නේ හිනාව දුක අතරෙන්

කටු ඇති පදුරු අතරේ
මල් පිපී සුවද ගෙන ඒනා
බඹරෙකි මමත් ඒ
මලෙන් රොන් ගේනා
ජීවත් වෙන්න වසන්තේ
නැති අතරේ

මන් වගේ වෙන්නෝනේ
මගේ පුතා නසරානි
රියල් ජෙන්ට වල බැස්සත්
යන්නේ හරි පාරෙන්
Quality Attitude සෙකන්ඩ්
වෙන්නෑ කාටත්ම
රිංගනවා ඕන තැනින
නොදැනේන්න කාටවත්ම
චරිතෙනම් ඩස්පිනම්
කිට දැම්මත් වැඩක් නෑ
කොලිටි ඩයල්නම්
බාටා දැම්මත් පදිරි නෑ

සල්ලි ඇති දාට
ලොස් නෑ බෝස් නෑ
ලොකු ටෝක්ස් නම්
Close නෑ Talks නෑ

හිස් වෙද්දි වත මත
මිස් උන කත මට
රත්තරන් එක්කවත්
එපා එපා

නැත්තට නැති දාටත්
පෙන්නනන හිත හොද රත්තරන්
කෙල්ලෙක් මට
හොදා හොදා

හෝවු හෝවු
හයියෙන් අල්ලගන්න
ව්‍රොන්ග් නම්බර් එපා
ට්‍රැක පන්නගන්න

නංගිලා මල්ලිලා පද්ද ගන්න
ස්… ඉස්සරහින් නග්ගගන්න
මේ කූඩැල්ල
මෙට්ටේ තියන්න බෑ

අපේ දඩබ්බර
ගතිනම් අරින්න බෑ
කැහැට්ටුවට
ඉද්දී ලෙඩ දුක් නෑ
අපි කැරට්ටුව
කියන්නම් හැරෙද්දි ඈ

මල්ලි හිතට වදින එක
ළගට ගන්න ගියොත් අතට
එන සල්ලි ළග රැදෙන්නෑ
පවට පින දීලා ළගට ගත්ත
ඒව්වා ඇරලා ගියා ආයේ
කරගහන්නෑ කොල්ලා

අපිටනම් හොද වැඩේ
නරි නාවලා ගෙට ගත්තේ
හාවෝ වගේ මුන් පෙනුනනේ
අපිටනම් හොද වැඩේ

ඕනවට වඩා හැමෝටම
කරන්න ගිහින්නේ අපි කෙලෝ ගන්නේ
තමන්ට තමන්ම පමනේ
තමුනට එනා වාසනා ගේනා
දින්නොත් එන්නේ
ගමක් රැස් වෙලා සේනා
වැරදුනොත් සිනාසේ
නැති අතරේ

සිදී යන වන වතුරේ
කොකුන්ටත් වලක්
හිස් වෙලා පේනා
උන් උන්ව බිලී දා
සිනා සේනා
වතුර මෑත නැති අතරේ

ප්‍රශ්න ආකරෙට තිබ්බත්
මල්ලි බොන්න එපා වහනම්
අපිට තේරෙද්දි දෙමව්පියෝ
දුක විදීම තහනම්
ජිවන ගමන් සරළයි කම්පා
නොවන් අටලෝ දහමෙන්
අඩු දැල්ලත් වැඩි දැල්ලත්
හේතු වෙනව නිවි යන්න පහනත්

පොඩි කාලේ වැඩ දාලා
දෙමාපිය බැට කාලා
බුදු අම්මෝ දග
දාපු තරමට විසේ
සත පහෙන් කැට ගාලා
කජු පලන් මද කාලා
කොලබට ගොඩ බැස්සා
දා ඉදන් හෙනේ

අම්මටහුඩු සිරි
ඇන්දට සළු පිලි
කෙල්ලන්ගේ චපලකම්
වහනවා හදේ
සද්දෙට සාදු කාරේ
දුන්නට අපේ කාන්ති
කට ඇරියම බෝම්බේ
පරලොව පෙනේ

මනමාල කම් පෑවේ
මා බාල අංශේ
අවනඩු නෑ නඩු තිබ්බේ
රථ වාහන අංශේ

දෙක දාපු ගමන් එන්නේ
භාශාව ප්‍රංශේ
පිටු පෑව නංගයි බබා
ප්‍රාතමික අංශේ

මේ අබුද්දස්ස කාලේ අනේ
ලබුත්තිත්තයි රාලේ
ගෙදරට බෝ පැලේ
කොලු පැටියා

ඕන දේකය මූන දෙනෝ
රජෙක් වගේ මොන ප්‍රශ්න ආවත්
බාදක මැද්දෙන් අපි
කෙලින් හිටියා

ඉන වට අත දාගෙන ගම වටා
එක්කන් ගිය එකි දුන්නේ
පටාචාර ලයින්
අනේ සද බැස ගිය දාක
මැදියම පහුවෙද්දි ඇය
ගියා දුරචාරේ පයින්

අපිටනම් හොද වැඩේ
නරි නාවලා ගෙට ගත්තේ
හාවෝ වගේ මුන් පෙනුනනේ
අපිටනම් හොද වැඩේ
ඕනවට වඩා හැමෝටම කරන්න
ගිහින්නේ අපි කෙලෝ ගන්නේ

පුර හද මඩ වතුරේ
බැබලිලා වාසනා ගේනා
ගිලුනත් නැව මා හිනා වේනා
දෙන්නේ හිනාව දුක අතරෙන්

කටු ඇති පදුරු අතරේ
මල් පිපී සුවද ගෙන ඒනා
බඹරෙකි මමත් ඒ
මලෙන් රොන් ගේනා
ජීවත් වෙන්න
වසන්තේ නැති අතරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Patiyo Song Lyrics - පැටියෝ ගීතයේ පද පෙළ Patiyo Song Lyrics - පැටියෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2026 Rating: 5

0 comments:

Post a Comment