Song Title : Sirasa Bima Watuna (සිරස බිම වැටුණා)
Vocal : සංජීව් ලෝන්ලියෙස්
Lyrics : රත්න ශ්‍රී විජේසිංහ
Melody : සංජීව් ලෝන්ලියෙස්
Music : සංජීව් ලෝන්ලියෙස්
පහර දෙන වේ වැලට වැඳ වැඳ
මුළු හදවතින් මෛත්‍රී කළ
බෝසතෙක් හිටියා
ඒ බෝසතා මැරුණා
වේවැලත් කැඩුණා
පා බැඳුනු යදමට වැඳවැටෙන
පා විලංගුව පින්තාරු කළ
සිත්තරෙක් හිටියා
ඒ සිත්තරා මැරුණා
විලංගුව බිඳුණා
සිරස යයි කී මැටි ගොඩක් උඩ
සදාකාලික ඔටුන්නක් විය
රන් රුවන් ගවසා
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා
0 comments:
Post a Comment